19 සංශෝධන කෙටුම්පත එළිදක්වයි

පිවිතුරු හෙටක් උදෙසා ජාතික සභාව සම්පාදනය කළ 19 වන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව ඊයේ මහජන කථිකාවක් සඳහා එළිදක්වනු ලැබුවා.

කොළඹ පැවති මෙම උත්සවයේදී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අදාළ කෙටුම්පත පළමුව පිළිගන්වනු ලැබුවේ එක්සත් ජාතික පක්ෂයේ ජාතික නායක රනිල් වික‍්‍රමසිංහටයි.
පසුව එම ස්ථානයට පැමිණ සිටි ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂට එය පිළිගන්වනු ලැබුවා. උත්සවය සඳහා ආණ්ඩුව නියෝජනය කරන දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, ඩිව් ගුණසේකර, තිස්ස විතාරණ, පාඨලී චම්පික රණවක, නන්දිමිත‍්‍ර ඒකනායක, අර්ල් ගුණසේකර යන අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් එක්ව සිටියා. විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන කරූ ජයසූරිය, විජේදාස රාජපක්ෂ සහ සුනිල් හඳුන්නෙත්ති මෙන්ම දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායක වී. ආනන්ද සංගරීද එම අවස්ථාවට එක්ව සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

විධායක ජනාධිපති ක‍්‍රමයේ බලතල සීමා කිරීම ඇතුලූ ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ අංශ රැසකට 19  වන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත මගින්  කරුණු යෝජනා කර තිබෙනවා. ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය එක් දිනක පැවැත්විය යුතු බව එහි සඳහන් වන අතර පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ නම් ජනාධිපති ධුරයද අහෝසි වන බව අදාළ යෝජනාවල සඳහන්. 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පිවිතුරු හෙටක් උදෙසා ජාතික සභාවේ සම්බන්ධීකාරක පූජ්‍ය අතුරලියේ රතන හිමියන් කියා සිටියේ 19 වන සංශෝධනය කි‍්‍රයාත්මක කළ යුතු දෙයක් වන අතර ඊට තුනෙන් දෙක ලබා ගන්නා සැටි දන්නා බවයි.

මෙම අවස්ථාව සඳහා එක්වූ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් කියා සිටියේ මේ මොහොතේ ජනතාව මැතිවරණයක් අපේක්ෂා නොකරන බවයි.










උපුටා ගැනීම hirunews.lk

Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්