කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට වතුර නෑ

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට වතුර නෑකොළඹ නගරය ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකට හෙට (09) දිනයේ පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. 

ඒ අනුව හෙට පස්වරු 8.00 සිට ඉරිදා පෙරවරු 8.00 දක්වා කාලය තුළ අදාළ ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට නියමිතය. 

වොක්ෂෝල් වීදිය,කොටුව, පිට කොටුව, යූනියන් පෙදෙස, කොම්පඤ්ඤ වීදිය, චිත්තම්පලම් ඒ ගාර්ඩ්නර් මාවත, කුමාරන්රත්නනම් පාර සහ මැලේ වීදිය ප්‍රදේශවලට ජල සැපයයුම අත්හිටුවනු ඇති. 


මීට අමතරව ජ්ස්ටිස් අක්බාර් මාවත, මොහොමඩ් මාකන් මාකර් මාවත, ඩී.ආර් විජේවර්ධන මාවත සහ ඊට සම්බන්ධ අතුරු මාර්ගවල ද අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය. 

Popular posts from this blog

17 හැවරදී පාසල් සිසුවා 74 හැවරදී ගුරුවරියක් මර දුෂණය කරියි.

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ජනප්‍රිය නිළියක් වූ ස්වර්ණමාලිගේ ගණිකා ජාවාරම. ( වීඩියෝ දර්ශන සහිතයි.)