කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට වතුර නෑ

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට වතුර නෑකොළඹ නගරය ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකට හෙට (09) දිනයේ පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. 

ඒ අනුව හෙට පස්වරු 8.00 සිට ඉරිදා පෙරවරු 8.00 දක්වා කාලය තුළ අදාළ ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට නියමිතය. 

වොක්ෂෝල් වීදිය,කොටුව, පිට කොටුව, යූනියන් පෙදෙස, කොම්පඤ්ඤ වීදිය, චිත්තම්පලම් ඒ ගාර්ඩ්නර් මාවත, කුමාරන්රත්නනම් පාර සහ මැලේ වීදිය ප්‍රදේශවලට ජල සැපයයුම අත්හිටුවනු ඇති. 


මීට අමතරව ජ්ස්ටිස් අක්බාර් මාවත, මොහොමඩ් මාකන් මාකර් මාවත, ඩී.ආර් විජේවර්ධන මාවත සහ ඊට සම්බන්ධ අතුරු මාර්ගවල ද අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය.