ගෙදර දොර වැඩ ලිංගික උනන්දුව අඩුකරනවාලු?
"වඳින්න ගිය දේවාලය ඉහේ කඩා වැටෙන්නා සේ" යනුවෙන් ගැමි කියමනක් පවතී. හොඳක් කරන්නට යාමෙන් නරක නාමයක් අසන්නට සිදුවීම හෝ නොසිතූවිරූ ලෙස විනාශයක් අත්වීම මෙහිලා අදහස් කෙරෙයි. ඊට සමාන අත්දැකීමක් පිළිබඳ නවතම අමෙරිකානු සමීක්ෂණ වාර්තාවකින් හෙළිදරව්වී ඇති වග ඉකුත් සතියේ විදෙස් මාධ්‍ය විසින් ප්‍රකාශයට පත් කර තිබිණි. එය නම් ස්වකීය බිරිඳට ඉවුම් පිහුම් සඳහා සහය දෙන්නට යාමෙන් ඇයව ලිංගික වශයෙන් සතුටු කිරීමට ඇති හැකියාව අඩුවන බවයි. අමෙරිකාවේ වොෂිංටන් සරසවිය විසින් සිදුකරන ලද නවතම සමීක්ෂණයකින් මේ බව අනාවරණය වී ඇති බව ඉකුත් සතියේ අමෙරිකානු සමාජ විද්‍යාඥයින්ගේ සංගමයේ "අමෙරිකානු සමාජ විද්‍යා ශාස්ත්‍රීය සංග්‍රහයේ"(American Sociological Review)පළවිය.