ගෙදර දොර වැඩ ලිංගික උනන්දුව අඩුකරනවාලු? Get link Facebook X Pinterest Email Other Apps - February 07, 2013 "වඳින්න ගිය දේවාලය ඉහේ කඩා වැටෙන්නා සේ" යනුවෙන් ගැමි කියමනක් පවතී. හොඳක් කරන්නට යාමෙන් නරක නාමයක් අසන්නට සිදුවීම හෝ නොසිතූවිරූ ලෙස විනාශයක් අත්වීම මෙහිලා අදහස් කෙරෙයි. ඊට සමාන අත්දැකීමක් පිළිබඳ නවතම අමෙරිකානු සමීක්ෂණ වාර්තාවකින් හෙළිදරව්වී ඇති වග ඉකුත් සතියේ විදෙස් මාධ්‍ය විසින් ප්‍රකාශයට පත් කර තිබිණි. එය නම් ස්වකීය බිරිඳට ඉවුම් පිහුම් සඳහා සහය දෙන්නට යාමෙන් ඇයව ලිංගික වශයෙන් සතුටු කිරීමට ඇති හැකියාව අඩුවන බවයි. අමෙරිකාවේ වොෂිංටන් සරසවිය විසින් සිදුකරන ලද නවතම සමීක්ෂණයකින් මේ බව අනාවරණය වී ඇති බව ඉකුත් සතියේ අමෙරිකානු සමාජ විද්‍යාඥයින්ගේ සංගමයේ "අමෙරිකානු සමාජ විද්‍යා ශාස්ත්‍රීය සංග්‍රහයේ"(American Sociological Review)පළවිය. බොහෝ විෂම ලිංගික සබඳතා පවත්වන්නන් ඔවුන්ගේ බොහෝ ලිංගික එක්වීම් වලදී එකිනෙකාට හිමි සම්ප්‍රදායික භූමිකා රඟ දක්වන බව පැහැදිලිය. වොෂිංටන් සරසවියේ සහකාර මහාචාර්යවරයා මෙන්ම අමෙරිකානු සමාජ විද්‍යා ශාස්ත්‍රීය සංග්‍රහයේ සම කර්තෘවරයෙකු වන ජූලියා බ්‍රින්ස් මෙසේ පවසයි. "ගෙදර දොරේ වැඩ කටයුතුවලදී පිරිමියාට හා ස්ත්‍රීයට වෙන වෙනම කාර්ය භාර්යයක් පැවරී ඇත්තේ යම් සේක්ද ඒ ආකාරයෙන්ම ලිංගික සබඳතාවයකදී ඔවුනොවුන්ට වෙන්වූ කාර්ය භාර්යයක් පවතිනවා"කෙසේ වෙතත් මෙම නවතම සමීක්ෂණය මගින් තහවුරුවී ඇති සිත් ඇදගන්නා සුළු කරුණු කිහිපයකි. මේවන විට බොහෝ අඹු-සැමියන් තමාගේ ගේ දොර කටයුතු බෙදාහදාගෙන සිදුකරන බව සත්‍යයකි. එහිදී පිරිමි පාර්ශවය පැය 17 ක් වැඩකරන විට ස්ත්‍රී පාර්ශවය එහි දෙගුණයක් එනම් පැය 34 ක් වැඩකරන බව අනාවරණය වී ඇත. එසේම ඒ ආකාරයෙන් වැඩපළ බෙදාහදා ගත් ජෝඩු අතරින් කාන්තා පාර්ශවයේ යයි කියනු ලබන කාර්යය කොටස්ද ඉටු කරන පිරිමි උදවිය සහිත කාන්තාවන් ඉලක්ක කරගත් නියැදියකදී ඔවුනගේ ලිංගික එකතුවීම් ප්‍රතිශතයක් ලෙස මසකට 5 ක් වරක් පමණි. නමුත් පැය 17 ක සිය බිරිඳට අයත් යයි සැලකෙන කාර්යය කොටස් පවා ඉටුකරමින් ගේ දොර වැඩ බෙදාහදා නොගත් පිරිමින් ඇතුළුත් ජෝඩු පෙරකී ප්‍රතිශතයට වඩා මසකට 1.6% ක් ලිංගික එකතුවීම් සිදුකරනු ලබයි.ලිංගික එකතුවීම් දෙවරකට සාපේක්ෂව ස්ත්‍රීය ස්වකීය පිරිමියාට වඩා ගේ දොර වැඩපළ පැය 68 ක් වැඩිපුර ඉටුකරයි. ගේ දොර වැඩපළ පිරිමින් විසින් ඉටු කළ යුතු බර වැඩ හා ස්ත්‍රීන් විසින් ඉටු කරනු ලබන සැහැල්ලු වැඩ ලෙස වෙන්කරනු ලැබුවහොත් එය ඔවුනොවුන්ගේ ලිංගික ජීවිතය සමග සම්බන්ධව පවතියි. නිදසුනක් ලෙස ලිංගික උනන්දුව, ලිංගික ආකර්ශනය,පෙළඹවීම,ලිංගික රහස් හා ලිංගික ක්‍රියාකාරකම් මෙන්ම ලිංගික ආශාව සමග එකිනෙකට බැඳුනු සම්බන්ධයක් පවතින බව බ්‍රින්ස් Star පුවත් සේවයට පවසා තිබේ.මෙම සමීක්ෂණය සඳහා වොෂිංටන් විශ්ව විද්‍යාලය ජෝඩු 4,500 කගේ මතය විමසා ඇති බව වාර්තා වේ. එක්සත් ජනපදයේ පවුල් හා කුටුම්භ සංරක්ෂණ ව්‍යාපෘතිය විසින් සම්බන්ධීකරණය කරන ලද මෙම සමීක්ෂණයට අදාළ කාල පරිච්ඡේදය ලෙස ගෙන ඇත්තේ 1992 - 1994 කාලයයි.මෑත කාලීන විවාහක ජෝඩු සම්බන්ධයෙන් කරන ලද සමීක්ෂණ කෙරෙහි අවධානය යොමු කළ විට එකී හැසිරීම්ද බොහෝ සේ සමාන බව පැහැදිලි වී ඇත. 2005 වසරේ චිකාගෝ විශ්ව විද්‍යාලය විසින් කරන ලද සමීක්ෂණයකදී විවාහක ජෝඩුවල ලිංගික එකතුවීම් ප්‍රතිශතයක් ලෙස ගත් කළ වසරකට 66 වතාවක් පමණ වන බව දැක්වෙයි. එනම් සතියකට එක් වරකට දශම ගාණක් තරම් සුළු ප්‍රතිශතයකි. සමීක්ෂණ අධ්‍යක්ෂ ටොම් ස්මිත් පවසන පරිදි විහිළුවට කියන කරුණු කෙසේ වෙතත් තාමත් තනි පුද්ගල ලිංගික එක්වීම්වලට වඩා විවාහක ජෝඩුවල ලිංගික එක්වීම් ඉහළ ප්‍රවණතාවක් ගනියි. දශක දෙකකට පසුවද සමාජීය සංස්කෘතික මෙන්ම ලිංගික කතිකාව වෙනස්කම්වලට භාජනයවී තිබියදී මෙම වාර්තාවන් තවදුරටත් වලංගුද යන ප්‍රශ්නය ඉතිරිවී තිබේ." දශක දෙකක් නොව පනස් වසරක් ඉක්ම ගියත් මෙම සමීක්ෂණ දත්ත අදටත් එකසේම වලංගුයි"බ්‍රින්ස් පවසයි.-Yahoo news ඇසුරිණි. Get link Facebook X Pinterest Email Other Apps
17 හැවරදී පාසල් සිසුවා 74 හැවරදී ගුරුවරියක් මර දුෂණය කරියි. - October 29, 2014 වයස අවුරුදු 17ක් වී පාසල් සිසුවකු විසින් පෙර පාසල් ගුරුවරියක මරා දමා අනතුරුව දූෂණය කළ සිදුවීමක් පේරාදෙණිය, කිරිබත්කුඹුර ප්‍රදේශයෙන් වාර්තා වෙයි. ඝාතනයට ලක් වූ 74 හැවිරිදි පෙර පාසල් ගුරුවරිය සමඟ ඇති කර ගත් බහින් බස්වීමක් දුරදිගයාම හේතුවෙන් වැඩි විස්තර සදහා »
Windows 10 Final නොමිලේ DOWNLOAD කරගන්න. - October 23, 2015 Windows 10 Final නොමිලේ DOWNLOAD කරගන්න. වැඩි විස්තර සදහා »
ශ්‍රී ලංකාවේ වටිනා ස්ථාන VIRTUAL TOUR මගින් නරබන්න - October 22, 2015 ශ්‍රී ලංකාවේ වටිනා ස්ථාන VIRTUAL TOUR මගින් නරබන්න අන්තර්ජාලයේ නවතම තාක්ෂණයක් වන VIRTUAL TOUR වලින් දේශීය හා විදේශීය උරුමයක් වන ශ්‍රී ලංකාවේ වටිනා ස්ථාන නැරඹීමට මෙම වෙබ් අඩවියෙන් පුළුවන වැඩි විස්තර සදහා »