ජාතිවාදය හා ආගම්වාදයට ඉඩක් නැහැ ජනපති කියයි
ජාතීන් අනුව රට බෙදා ගැනීම ප්‍රායෝගික නොවන බවත් සියලු දෙනා සමාන අයිතිවාසිකම් ඇතිව ජීවත් විය යුතු බවත් ජනපති ප්‍රකාශ කළේය.
දිනාගත් නිදහස රැක ගැනීමේ අයිතිය රජයට පමණක් නොව විපක්ෂයට ද ඇතැයි කී ජනපති නිදහසේ මහිමය පෙන්වීම සඳහා කැටකිරිල්ලගේ කතාව බුද්ධ දේශනයෙන් උපුටා දැක්වීය.
ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සාමාජිකයකු ඊට ගරු කරන බවත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටක් ලෙස එම සංවිධානය සමග ගෞරවාන්විත රටක් ලෙස ක්‍රියා කිරීමේ අයිතිය ශ්‍රී ලංකාවට ඇතැයි ද ජනපති පැවැසීය.
(සුදත් සිල්වා- ත්‍රිකුණාමලය)
(අමදෝරු අමරජීව - ත්‍රිකුණාමලය)