ශ්‍රී ලංකාවේ නිදහස් දිනය ගුගල් doodle වෙත එකතු වෙයි


ලොව අංක එකේ සෙවුම් යන්ත්‍රය වන ගුගල් සෙවුම් යන්ත්‍ර සේවාව විසින් පවත්වාගෙන යන doodle සේවාව ඔස්සේ ශ්‍රී ලංකාවේ 65 වන නිදහස සංකේතවත් කොට තිබේ. 

ගුගල් doodle යනු ගුගල් සෙවුම් යන්ත්‍රයේ සලකුණ වෙනුවට වැදගත් දිනයන් හා උත්සව අවස්තාවන් වලදී ගුගල් සලකුණ එයට ගැලපෙන ආකාරයෙන් සකස් කරන්නාවූ සේවාවකි. එහිදී අපට ගුගල් වෙත වැදගත් අවස්තාවන් දිනයන් පිලිබඳ යෝජනා කල හැකි අතර ඔවුන් ඒවා සලකා බලා එයට ගැලපෙන නිර්මාණයක් සිදුකොට doodle ලෙසින් අන්තර්ජාලයට මුදාහරිනු ලබයි.

මෙයට මාස කිහිපයකට පෙර සිටම අන්තර්ජාලය පුරා නිදහස් දිනයේ ශ්‍රී ලාංකික නිදහස පිලිබිඹු කරන doodle නිර්මාණ කරන මෙන් ඉල්ලා ගුගල් වෙත ලිපි යවන ලෙස ඉල්ලා ප්‍රචාරය වූ අතර එයට මුලික වුයේ කවුරුන්දැයි අප නොදනිමු. 


නමුත් අද දිනයේ ඔවුන්ගේ සහ ගුගල් වෙත ඉල්ලීම් කල අන්තර්ජාල පරිශීලකයන්ගේ ප්‍රාර්ථනා ඉටුවී ඇත. 

ශ්‍රී ලංකාවේ නිදහස් දිනය ගුගල් doodle වෙත එකතු වූ ආකාරය බලන්න මෙතනින්

Popular posts from this blog

17 හැවරදී පාසල් සිසුවා 74 හැවරදී ගුරුවරියක් මර දුෂණය කරියි.

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ජනප්‍රිය නිළියක් වූ ස්වර්ණමාලිගේ ගණිකා ජාවාරම. ( වීඩියෝ දර්ශන සහිතයි.)