Posts

අපි ලේකම් ගාවට ආවා.එතුමා සභාපතිවුනා ඔටෝ.-විජිත් විජයමුණි සොයිසා

Image
සාම්ප්‍රදායික ගමනට විරුද්ද ගමනක් යන කට්ටියක් ඉන්නවා. ඒ කට්ටිය කවුද කියලා දැනගනිමු රට වට කර බැන්දත් කට වට කර බදින්න බැරි වැට නැති කටෙන්. රෙජිනෝල්ඩ් කුරේ අපේ රටේ දේශපාලනයේ පෙර නොවූවිරු ගමනක්. ප්‍රශ්න කෝටියක් මතුවෙන්න පුළුවන්. සම්ප්‍රදායික අයට නොයෙකුත් සම්ප්‍රදායික ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. ඒ සම්ප්‍රදායික ගමනට එරෙහි ගමනක් අපි යන්නේ.

අකුරැස්ස ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අත්අඩංගුවට ගන්නැයි වරෙන්තුවක්.

Image
14 හැවිරිදි පාසල් දැරියක් අපයෝජනයට ලක්කිරීම සම්බන්ධයෙන් අධි චෝදනා ලැබ සිටින අකුරැස්ස ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා තෙන්නකෝන් අද වරෙන්තු නිකුත් කළා. ඒ, ඇපමත මුදාහැර සිටින විත්තිකාර හිටපු සභාපතිවරයා නඩුවට අදාළව අද අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන්.

අද 6 න් පසුව කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ගමන් කළ හැකි උපරිම වේගය පැයට කිලෝමීටර් 70 යි.

Image
අද පස්වරු 6 න් පසුව කොළඹ - මිගමුව මාර්ගය වසා දැමීමෙන් පසුව කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ වාහන ගමන් කළ හැකි උපරිම වේගය පැයට කිලෝමීටර 70ක් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ ප‍්‍රකාශ කළා.

‘ලංකාවට ඕනෑ රජෙක් නොවෙයි, සේවකයෙක්‘

Image
සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම සඳහා ශ්‍රී ලංකාවේ සියලු දේශපාලන පාක්ෂිකයින්ට ආරාධනා කරන බව මහනුවර දළඳා මාළිගයේ පත්තිරිප්පුවේ විශේෂ පීඨිකාවක සිට ජාතිය අමතමින් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉල්ලීමක් කළේය.

ජනපති මෛත්‍රීපාල මැතිඳුන්ගේ දිවියෙන් බිඳක්..

Image
ජනාධිපති ධුරයට පත්වූ මෛත‍්‍රීපාල සිරිසේන 1951 සැප්තැම්බර් 2 වන දින පොළොන්නරුව - පුලතිසිපුර - ලක්උයන ගොවිජනපදයේ උපත ලැබූ අතර සහෝදර සහෝදරියන් 12 දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලායි. ඔහු පොළොන්නරුව තෝපාවැව විද්‍යාලයෙන් සහ පොළොන්නරුව රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවා. නව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ පියා දෙවන ලෝක යුද සමයේ හමුදා නිළධාරියෙකු වූ අතර මව ගුරු මාතාවක්.

අරලියගහ මන්දිරයෙන් නික්ම ගිය හිටපු ජනපති මහින්ද ගැන බිඳක්.

Image
මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරු 6.30 ට පමණ අවසන් ප්‍රතිපලට නිකුත්වීමටත් ප්‍රථම කොල්ලුපිටියේ පිහිටි අරලියගහ මන්දිරයෙන් පිටව ගියා. එහිදී වසර ගණනාවක් තමන් සමග සේවය කළ අරලියගහ මන්දිරයේ කාර්ය මණ්ඩලයට ස්තුති කිරීමට රාජපක්ෂ මහතා අමතක නොකළ අතර  පසුව ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණි මහින්ද රාජපක්ෂ මහතා මැති ඇමතිවරුන්ට ස්තුතිය පුද කළා.

ශ‍්‍රී ලංකාව ලෝක ප‍්‍රජාතන්ත‍්‍රවාදයට බලාපොරොත්තුවක් එක් කළා.-බැරක් ඔබාමා.

Image
සාර්ථක සහ සාමකාමී මැතිවරණයක් පැවැත්වීම පිළිබදව ශ‍්‍රී ලංකාවට ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා තම ප‍්‍රසාදය පළ කර තිබෙනවා. එමෙන්ම සුගම ලෙසින් බලය හුවමාරු වීම පිළිබදව ද ඔහු ප‍්‍රශංසා කළා. ඇමරිකානු ජනාධිපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ශ‍්‍රී ලංකාවේ මෙවර ජනාධිපතිවරණය ඒ සඳහා වූ වැදගත්කමින් ඔබ්බට යන්නක් බවයි.