Posts

ලාංකික යකැදුරු රියැදුරාට කස පහර 100ක්

Image
සෞදි අරාබියේ උම්මුල් හාමමන් පෙදෙසේදී අරාබි කතුන් ඇතුළු පිරිසකට යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කළ ශ්‍රි ලාංකිකයකුට සෞදි උසාවියකින් කසපහර 100ක් ද වසරක සිරදඬුවමක් ද නියම කර ඇත.  පදියතලාවේ පී.ටී. තුංගසිරිට එම දඬුවම් නියම විය. රියැදුරකු ලෙස එහි ගිය ඔහු සෞදි නිතියට පටහැනිව යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කළැයි නඩු පැවැරූ බව සෞදි රජයෙන් රියාද් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දන්වා ඇත. දඬුවමින් පසුව ශ්‍රී ලංකාවට පිටුවහල් කිරිමට ද නියම විය.

චෙන්නායිහි ලංකා බැංකු ශාඛාවකට මැර ප්‍රහාර

Image
චෙන්නායි, එග්මෝහි පිහිටි ලංකා බැංකු ශාඛාවට මැර ප්‍රහාර එල්ල වී තිබේ.  ඊයේ (7)  පස්වරුවේ එල්ල වූ මෙම මැර ප්‍රහාරයෙන් එහි සේවකයින් දෙදෙනෙකුට තුවාල සිදුව ඇතැයි වාර්තා වෙ.  ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉන්දීය සංචාරයට විරෝධය පළ කරමින් ඉන්දියාවේ බොහෝ පෙදෙස්වල විරෝධතා පැවැත්වෙන අතර එහි ප්‍රතිඵලයක් ලෙස මෙම මැර ප්‍රහාරය සිදුව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.  15 දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් විසින් මෙම මැර ප්‍රහාරය සිදුකර ඇතැයි වාර්තා වේ. 

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට වතුර නෑ

Image
කොළඹ නගරය ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකට හෙට (09) දිනයේ පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.  ඒ අනුව හෙට පස්වරු 8.00 සිට ඉරිදා පෙරවරු 8.00 දක්වා කාලය තුළ අදාළ ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.  වොක්ෂෝල් වීදිය,කොටුව, පිට කොටුව, යූනියන් පෙදෙස, කොම්පඤ්ඤ වීදිය, චිත්තම්පලම් ඒ ගාර්ඩ්නර් මාවත, කුමාරන්රත්නනම් පාර සහ මැලේ වීදිය ප්‍රදේශවලට ජල සැපයයුම අත්හිටුවනු ඇති. 

ගෙදර දොර වැඩ ලිංගික උනන්දුව අඩුකරනවාලු?

Image
"වඳින්න ගිය දේවාලය ඉහේ කඩා වැටෙන්නා සේ" යනුවෙන් ගැමි කියමනක් පවතී. හොඳක් කරන්නට යාමෙන් නරක නාමයක් අසන්නට සිදුවීම හෝ නොසිතූවිරූ ලෙස විනාශයක් අත්වීම මෙහිලා අදහස් කෙරෙයි. ඊට සමාන අත්දැකීමක් පිළිබඳ නවතම අමෙරිකානු සමීක්ෂණ වාර්තාවකින් හෙළිදරව්වී ඇති වග ඉකුත් සතියේ විදෙස් මාධ්‍ය විසින් ප්‍රකාශයට පත් කර තිබිණි. එය නම් ස්වකීය බිරිඳ‍ට ඉවුම් පිහුම් සඳහා සහය දෙන්නට යාමෙන් ඇයව ලිංගික වශයෙන් සතුටු කිරීමට ඇති හැකියාව අඩුවන බවයි. අමෙරිකාවේ වොෂිංටන් සරසවිය විසින් සිදුකරන ලද නවතම සමීක්ෂණයකින් මේ  බව අනාවරණය වී ඇති බව ඉකුත් සතියේ අමෙරිකානු සමාජ විද්‍යාඥයින්ගේ සංගමයේ "අමෙරිකානු සමාජ විද්‍යා ශාස්ත්‍රීය සංග්‍රහයේ"(American Sociological Review)පළවිය. ‍

ජාතිවාදය හා ආගම්වාදයට ඉඩක් නැහැ ජනපති කියයි

Image
ජාතිවාදය හා ආගම්වාදය පැතිරවීමට ශ්‍රී ලංකාවේ කිසිවකුටත් ඉඩක් නැතැයි ද එසේ කරන්නවුන් රට බෙදීමට උඩ ගෙඩි දෙන්නවුන් බව සැළකිය හැකි යැයි ද, එදා මෙන් අදත්, අද මෙන් හෙටත් සිංහල දෙමළ, මුස්ලිම් ජනයා මේ රටේ එකට ජීවත් විය යුතු යැයි මහින් රාජපක්ෂ ජනපති ත්‍රිකුණාමලයේ නිදහස් උළෙල අමතමින් ප්‍රකාශ කළේය. සිංහලෙන් හා දෙමළෙන් මිනිත්තු 18ක් පුරා කතා කළ ජනපති අවධාරණය කළේ දිනාගත් නිදහස රැක ගැනීමේ වැදගත් කමයි. ජාතියක් වශයෙන් සියලු දෙනා එකට එක්වී ඉදිරියට යෑම ගැනයි.

කොළඹ උසස් පාසලක සිසුවකු සැකපිට අත්අඩංගුවට

Image
රුපියල් ලක්ෂ හතරක් පමණ වටින ලැප් ටොප් පරිගණක උපාංග සහ යුද හමුදාව පරිහරණය කරන රම්බෝ වර්ගයේ පිහියක් නාවික හමුදාව හාවිතයට ගන්නා රිවෝල්වරයක්  සමග කොළඹ උසස් පාසලක සිසුවකු සැකපිට අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය කියයි.  අපොස උසස් පෙළට සුදානම් වන වන මොහු ළඟ තිබී උපත් පාලන කොපු පැකටි විස්සක් පමණ හමු වු බව පවසන පෙලිසිය සැකකාර සිසුවා ගණිකා  ඇසුරට තදින් ඇබ්බැහි වුවෙකියි සැක මතුවෙන බව පවසයි. ඔහු රත්මලාන දෙහිවල ගල්කිස්ස යන ප්‍රදේශ රැසක මංකොල්ල කෑ‍මේ නිරත වු බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසයි.  ගල්කිස්ස පොලිස් අධිකාරි රවින්ද්‍ර කරවිට මහතාගේ අධික්ෂණයෙන් පරීක්ෂණ පවත්වයි.

මොරටු උප නගරාධිපති අත්අඩංගුවේ

Image
මොරටුව සුනන්දෝපනන්දාරාමාධිපති මැටිගහතැන්නේ විමලවංශ හිමි ( 46 ) කපා කොටා මරා දැමීමේ සිද්ධිය හා ඊට කලින් පොලිසියට කළ පැමිණිලි ගැන සැකපිට ප්‍රශ්න   කිරීම සඳහා මොරටුව උප නගරාධිපති සුජිත් පුෂ්පකුමාර මහතා  අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස විශේෂ විමර්ශන ඒකකය කියයි. පන්සලේ ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් අඩුම ගණනේ පැමිණිලි 11ක් ලැබී ඇතැයි ද  ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් 11 දෙනකු පමණ සොයන බව ද පොලිසිය පවසයි.