Posts

මොරටු උප නගරාධිපති අත්අඩංගුවේ

Image
මොරටුව සුනන්දෝපනන්දාරාමාධිපති මැටිගහතැන්නේ විමලවංශ හිමි ( 46 ) කපා කොටා මරා දැමීමේ සිද්ධිය හා ඊට කලින් පොලිසියට කළ පැමිණිලි ගැන සැකපිට ප්‍රශ්න   කිරීම සඳහා මොරටුව උප නගරාධිපති සුජිත් පුෂ්පකුමාර මහතා  අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස විශේෂ විමර්ශන ඒකකය කියයි. පන්සලේ ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් අඩුම ගණනේ පැමිණිලි 11ක් ලැබී ඇතැයි ද  ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් 11 දෙනකු පමණ සොයන බව ද පොලිසිය පවසයි. 

ශ්‍රී ලංකාවේ නිදහස් දිනය ගුගල් doodle වෙත එකතු වෙයි

Image
ලොව අංක එකේ සෙවුම් යන්ත්‍රය වන ගුගල් සෙවුම් යන්ත්‍ර සේවාව විසින් පවත්වාගෙන යන doodle සේවාව ඔස්සේ ශ්‍රී ලංකාවේ 65 වන නිදහස සංකේතවත් කොට තිබේ. 

2013 අයි පී එල් වෙදේසියේ දෙවන වැඩිම ඉල්ලුම අජන්ත මෙන්ඩිස්ට​

Image
Bfha bkaÈhdfõ§ mej;s 2013 whs'mS't,a l%slÜ l%Svl fjkafoaisfha§ jeäu fojk ñ,g wf,ú jQfha ,xldfõ mkaÿ hjk wcka; fukaäiah' Tyqf.a ,kaiqj fvd,¾ 725000 ls' mqfka fjdßh¾ia ms, Tyqj ñ,g .;a;d' jeäu ,kaiqj .sfha fvd,¾ ñ,shkhlg ´iafÜ%,shdfõ .af,ka uelaiafj,aghs'

පොදු රාජ්‍ය මණ්ඩල නායක සමුළුව ලංකාවට නොලැබේවිද ?

Image
බටහිර  ඕස්ටේ‍්‍රලියාවේ පර්ත් නුවර සම්මන්ත‍්‍රණ හා ප‍්‍රදර්ශන මධ්‍යස්ථානයේදී පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය 22 වැනි රාජ්‍යනායක සමුළුවේදී ඊළඟ සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට තීරණය විය. ඒ 2011 දීය. රටවල් 54ක් මේ සඳහා එකඟතාව ලබාදී තිබිණි. ඒ අනුව ලබන නොවැම්බර් මාසයේදී පොදු රාජ්‍ය මණ්ඩලීය 23 වැනි රාජ්‍යනායක සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට දැන් සියලූ කටයුතු සූදානම් වෙමින් පවතී.

විරූපී මුහුණු සුරූපී කරන ප්ලාස්ටික් සැත්කම්

Image
ඇස්, මස්, ලේ, ඇට, ඇට මිදුළු, පේෂි, ශ්ලේෂ්ම පටල, කාටිලේජ්, උඩු හනුව, යටි හණුව වෙන්ව මස් වැදලි එල්ලෙමින් ගිලන් රථයකින් කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කළ තරුණයකුගේ ජීවිතය යථා තත්ත්වයට පත්කර ගැනීමේ විශ්මිත ශල්‍යකර්මයක් කළ ඉසිවරු පිරිසක් පිළිබඳව අපට දැන ගන්නට ලැබිණි.    කොළඹ ජාතික රෝහලේ ප්ලාස්ටික් සැත්කම් ශල්‍ය ඒකකයේදී අපි ඔවුහු මුණ ගැසුණෙමු.  හදිසි අනතුරකින් හෝ උපතින් සිදුවූ ශරීර අවයවයන් යථා තත්ත්වයට පත් කර ගැනීමේ අටියෙන් රෝහල් ගත කරන දහස් සංඛ්‍යාත රෝගීන්ගේ ශරීර කොටස් නැවත තිබූ පරිදිම සකස් කිරීමේ කර්තව්‍යයේ වගකීම එක් පසකින් තිබියදී විශ්මිත ශල්‍යකර්මයකින් සැඟව ජීවත්වීමට සිදුවූ තරුණයකුට ජීවිතයට නව බලාපොරොත්තුවක් එක් කිරීමේ ගෞරවය හිමිවන වෙදදුරුවරුන් සමඟ අපි කතා කළෙමු. ඒ අය ලද පුංචි ඉඩකදීය. 

මගේ අත නැති වුණා ඒත් මං ජිවිතයට මුහුණ දෙනවා .....

Image
වළලූ ලූ දෙඅතක හැඩ දකින දවසක් නැවත ඈ වෙත නොඑන බවනම් සැබෑවකි. කුලවමියක වී පෝරුව මත පය තබන දවසක රන්මුද්දක් පළඳවන්න වම් අතේ වෙදැඟිල්ල ඇයට සදාකාලයටම අහිමි බව සැබෑවකි. වමත හුරු අත වූ නීති සිසුවියට අකුරු ලියන්නට වම් අත අහිමි වූ බව සැබෑවකි. කවරකින් කවර ලෙසකින් පිරිමැසුවත් අහිමි වූ අතේ වටිනාකම ඒ අත ජීවිතයට දුන් ශක්තිය වෙනත් භෞතිකයකින් ඒ සමානවම පූරණය කළ නොහැකි බව නම් සැබෑවකි.

අයි පෑඩ් හොරකම් කාතාවෙ අළුත්ම විස්තරය​

Image
Bfha wm jd¾;d l< whsmEâ fidrlfï .sh ksrEmsldj ms<sn| mqj;g wod< we;a; l;dj úia;rjQ l;djg fjkia tlla nj tu isoaêhg uqyqK mE 21 yeúßÈ ;reKsh jk il=rd fi!uHd l=udß f.disma ,xld wu;ñka meyeÈ,s lrkq ,enqjd' fï .ek uq,ska jd¾;djQfha miq.sh Èkl fuu ielldßh fld,a¨msáfha fl%ialeÜ idmamq ixlS¾Kfha idmamqjlg oekaùula ,nd.ekSug wjYH nj mjid f.dia tys whs;slre we;=<g .sh fõ,dfõ Tyqf.a whsmEâ tl fidrlï lr  we;s njh' kuq;a il=rd fi!uHd l=udß mjikafka weh tu whs mEâ tl whs;slre bÈßmsg Tyq ±kqj;aj t;ekska /f.k wd nj;a Tyq ;udg isÿ l< uqo,a fkdf.ùula iïnkaOj wemhg th ,nd.;af;a tu uqo,a kej; ÿka miq whsmEâ tl ndrfok woyiska nj;ah'

නිධන් හොරු නයිපෙන විහාරයටත් පනීති

Image
මහා පරාක්‍රමබාහු රජසමයට අයත් බවට සැලකෙන පොළොන්නරුව ඉපැරැණි නයිපෙන විහාරය නිධන් හොරුන් විසින් පෙර දින අලුයම කඩා බිම දමා ඇතැයි පුරාවිද්‍යා නිලධරයෝ කියති. හින්දු දේවාල සංකීර්ණයේ මල් ආසනයක් මෙසේ කඩා දමා ඇති අතර ඉන් ගඩොලු බැම්මට හා පාදමට හානි සිදුව ඇත.  

විහාර භූමියට අත නොතබන්නැයි ඉල්ලා විරෝධතාවක්

Image
ඇඹිලිපිටිය පදලංගල ගෝඨාභය රාජමහා විහාරයට අයත් ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගැනීමට එරෙහිව මහා සංඝරත්නය  ඇතුලූ ප්‍රදේශවාසීහූ හය සියයකට වැඩි පිරිසක් ඇඹිලිපිටිය නෝනාගම ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවක නිරතවුහ. ගෝඨාභය විහාරස්ථානයට අක්කර දහ අටක ඉඩමක් හිමි බවද විරෝධතාකරුවෝ කීහ. එම ඉඩම රත්නපුර සහ හම්බන්තොට දිස්ත්‍රික් දෙකට මායිම්ව පිහිටා තිබේ. එම අක්කර දහ අටෙන් තුනක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ වන අතර ඉතිරි පහළොව රත්නපුර දිස්ත්‍රික්කයේය. රත්නපුර දිස්ත්‍රික්කයට අයත් ඉඩම්වලින් කොටසක් මෙසේ අල්ලා ගෙන ඇතැයි විරෝධතාකරුවෝ චෝදනා කළහ.

ඩොල්ඨෆින් මාළුන් ඇල්ලූ ධිවරයෝ 15ක් අත්අඩංගුවට

Image
බත්තලංගුණ්ඩුවට කිලෝමීටර 10ක් ඈත මුහුදේ අනවසර ලයිලා දැල් දමා ඩොල්ෆින් මාළුන් ඇල්ලූ බව කියන ධිවරයෝ 15ක් කල්පිටිය පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. ධීවර යාත්‍රා කීපයක් ද අත්අඩංගුවට ගත් භාණ්ඩ අතර වේ. ඩොල්ෆින් මැරීම සපුරා තහනම්ය. කෙලවල්ලන් අල්ලන බව කියමින් ඩොල්ඨෆින් මාළුන් මරා ඇතැයි ද, මරා දැමුණු මාළුන් 100ක් පමණ මුහුදේ සිටි බව වෙනත් ධීවරයන් පිරිසක් දැක ඇතැයි ද කියති.

සොරාගත් රන් මුදු ලක් කතගේ බඩේ

Image
කුවේට් රාජ්‍යයේ කුවේට් නගරයේ මුතාරක්කියා ස්වර්ණාභරණ සාප්පුවකින් රන් මුදු සොරා ගත් ශ්‍රී ලාංකික කතක හා ඉන්දියා ජාතිකයකු රෝහලට ගෙන ගොස් විරේකයක් දීමෙන් පසුව හොර බඩු එළියට ගත් බව සල්න්රියා පොලීසිය කියයි.

අයි පෑඩ් සොරකමේ ගිය නිරුපිකාව

Image
පසුගිය ජනවාරි 12 වන දින රුපියල් අසූපන් දහසක් වටිනා අයිපෑඩ් එකක් සොරකම් කල නිරුපිකාවක අධිකරණයේදී සිය වරද පිළිගෙන ඇත.  මෙසේ අයිපෑඩ් උපකරණය සොරාගෙන ඇත්තේ සකුරා සෞම්‍යා කුමාරි බණ්ඩාරනායක නිරුපිකාවකි.  පසුගිය ජනවාරි මස 12 දින මෙම නිරුපිකාව කොල්ලුපිටිය ක්‍රෙස්කැට් සාප්පු සංකීර්ණයේ පිහිටි මොනාච්චි හවුස් ආයතනයට දැන්වීමක් ලබා ගැනීමට අවශ්‍ය බව පවසා ගොස් ඇත.  පසුව එහි අයිතිකරු වන මොහොමඩ් ෆායින් රොෂාන් නැමැත්තා ඇය සමඟ සාකච්ඡා කර ඔහු එම වෙළෙඳ ආයතනයේ ඇතුළට ගිය අතරතුර ඔහුගේ අයිපෑඩ් එක මෙම නිරුපිකාව විසින් සොරකම්කොට ඇත.

මුස්ලිම් නොවන ළමුන් වෙනුවෙන් පවත්වන සමස්ථ ලංකා රචනා තරංගාවලිය

Image
පසුගිය සැප්තැම්බර් 18 සහ 19 යන දිනවල ජාතික පුවත්පත්වල මුස්ලිම් ආගමික සහ සංස්කෘතික කේන්ද්‍රය මගින් සංවිධානය කළ රචනා තරගයක් පිළිබඳව දැන්වීමක් පලවිය. එම රචනාවේ මාතෘකාව වූයේ " මිනිස්කමින් ලොව දිනූ උතුම් මුහම්මද් නබි තුමානෝ " යන්නයි.   මෙම තරඟාවලියේ විශේෂත්වය නම් එය සඳහා ලිපි ඉදිරිපත් කල හැකිවන්නේ මුස්ලිම් නොවන සහෝදර සහෝදරියන්ට පමණි. මෙහි ප්‍රථම ස්ථානය සඳහා රුපියල් 20 000 ක මුදලක් හිමිවන අතර දෙවන සහ තෙවන ස්ථාන සඳහා පිළිවෙලින් රුපියල් 15 000 සහ 10 000 හිමිවන බව එහි දැක්විණි.

ජාතික ගීය වෙනස් කිරීම රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් හෙළ උරුමය අවධාරණය කරයි.

Image
ජාතික ගීය වෙනස් කිරීම සඳහා ආණ්ඩුවේ ඇමැතිවරයකු දරන උත්සාහය රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව ජාතික හෙළ උරුමය අවධාරණය කරයි. එය වෙනස් කිරීමට යමෙක් යෝජනා කරන්නේ නම් ඒ සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් සහ ජනමත විචාරණයක් අවශ්‍ය බවද හෙළ උරුමය වැඩිදුරටත් සඳහන් කර සිටී.

නැන්දම්මා මරා මුදල් හා රන් අබරණ පැහැරගැනීමට ගිය පනස් හැවිරිදි කත අත්අඩංගුවට

Image
කඩයේ සේවකයකු ද සමග මහ රෑ කළු ඇඳ පිහියක් ද, අත්වැසුම් දරැගෙන නැන්දම්මා මරා මුදල් හා රන් අබරණ පැහැරගැනීමට ගිය බව කියන පනස් හැවිරිදි කතක සැකපිට අත්අඩංගුවට ගත් බව රාගම පොලීසිය කියයි. නැන්දම්මාගේ ගෙදරට තාප්පයකින් පණිද්දීම අල්ලාගත් බව  පොලීසිය පවසයි. පොලීසියට කලින් ලැබුණු ඔත්තුවක් අනුවපොලීසිය එහි සැඟවී සිටියේය. මේ කාන්තාව කඩකාරියක් බවත්, ඇගේ සැමියා ඇමෙරිකාවේ සිටින බවත් පොලීසිය කියයි.

රිසානාගේ මව්පියනට හමුදාවේන් නව නිවෙසක්

Image
මුතූර්, සාපිනගර්හි රිසානාගේ මව්පියනට නිවෙසක් ඉදිකිරීම සඳහා යුද හමුදාවේ 22 වැනි සේනාධිපති බි‍්‍රගේඩියර් අරුණ වන්නිආරච්චිගේ ප‍්‍රධානත්වයෙන්  මුල්ගල් තැබිණි. පරිත්‍යාගශීලීන්ගේ දායකත්වයෙන් යුද හමුදාවේ 224 වැනි බළසේනා මූලස්ථානයේ කර්නල් විකුම් ලියනගේ ඉදිකිරීම් බාරව ක‍්‍රියාකරයි. සෞදි රජයෙන් හිසගසා මරාදැමුණු රිසානා ජීවත්වූයේ පොල් අතු පැළකය. රිසානාගේ මව අහමදු සෙයියදු පරීනා හා පියා මොහොමදු සුල්තාන් නෆීක්ද  මුල්ගල් තැබූහ. රිසානා ජීවත් වූ පැල්පත කඩා නොදමා මේ නිවෙස ඉදිකැරෙනුයේ රිසානාගේ මවගේ ඉල්ලීමක් අනුවය.

ඉතාලියේ මිලානෝ නුවර ලාංකිකයකුට යුරෝ 7600 දඩයක්

Image
  මිනිස් පරිභෝජනයට නුසුදුසු මාළු කිලෝ 400ක් ද කරවල කිලෝ 35ක් ද හඳුනා නොගත් අල වර්ගයක් ද ඉතාලියේ මිලානෝ  නුවර ශ්‍රී ලාංකිකයකුගේ කඩයකින් අත්අඩංගුවට ගත් පාරිභෝගික ආරක්ෂණ සේවය 45 හැවිරිදි ශ්‍රී ලාංකිකයකුට යුරෝ 7600 (රුපියල් 1262512ක) දඩයක් ගැසීය.  ලේබල් නැතිව අහාර ද්‍රව්‍ය විකිණීමට තැබීම අපිරිසුදු භාජන, ආදිය තබා ගැනීම ගැන ඔහු වැරැදිකරු විය.

බුද්ධ බාර් වැටලීම

Image
"බුද්ධ බාර්” නමින් සාදයක් පැවැත්වූ බව කියන බේරුවල "Cinnamon Bey" හෝටලයේ කළමනාකරුවෝ දෙදෙනෙක් කළුතර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අරුණ අලූත්ගේ මහතා විසින් ලබන විසි අට වැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබූහ. එලෙස රිමාන්ඩ් කරනු ලැබුවේ එහි කළමනාකරුවන්වූ යු.ඒ.ඞී, සමන් කුමාර සහ මොහොමඞ් ෆලීල් යන දෙදෙනාය. එම සාදය පැවැත්වෙමින් තිබියදී විසි එක්වනදා වැනිදා රාත්‍රියේ එහි පැමිණි බොදු බල සේනා සංවිධානයට අයත් භික්‍ෂූන් වහන්සේලා සාදය වැළැක්වූහ.