Posts

අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවට මහේලගෙන් පැමිණිල්ලක්

Image
ශ‍්‍රී ලංකාව සහ  ඕස්ටේ‍්‍රලියාව අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ සිඞ්නිහිදී පැවැති සිවුවැනි එක්දින තරගයට වර්ෂාවෙන් බාධා ඇති වීමෙන් අනතුරුව තරගය අත්හැරදැමීම පිළිබඳව විරෝධය දක්වමින් අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවට පැමිණිලි කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පිලේ නායක මහේල ජයවර්ධන පවසයි.

ත්‍රීරෝද රථයක ඇඳුම් නැතිව සිටි බාල වයස්කාරියක හා පෙම්වතා පොලීස් අත්අඩංගුවට

Image
බාල වයස්කාරියක හා ඇගේ පෙම්වතා කල්පිටිය මාම්පුරිය වෙරළේදී ත්‍රීරෝද රථයක් ඇතුළේ ඇඳුම් නැතිව සිටි අවස්ථා වීඩියෝ ගත කළ රියදුරා ද, එම ජෝඩුව ද ත්‍රිරෝද රථයෙන් පිට සිට ඔත්තු බැලූ බව

නයි නලගනව කපා කොටා මහා මගා දමා ගොස්

Image
පසුගිය කාලයේ ජනමාධ්‍ය මගින් මහත් ආන්දෝලනයට ලක්වූ කොල්ලූපිටිය ක්ලියෝ පැට‍්‍රා සමාජ ශාලාවේ නයි නලගන හෙවත් නිරෝෂා විමලරත්න අද පෙරවරුවේ වැල්ලම්පිටිය ප‍්‍රදේශයේදී කැපුම් තුවාල සහිතව හමුවී තිබේ. 

දේවගැතිවරයකු ඝාතනය කළ ව්‍යාපාරිකයකුට මරණ දඬුවම

Image
බිරිය ආගමට හරවා ගත්තැයි ක‍්‍රිස්තියානි ශුභාරංචි සේවයේ දේවගැතිවරයකු ඝාතනය කළ ව්‍යාපාරිකයකුට නැගෙනහිර පළාත් බඳ මහාධිකරණ විනිසුරු රෝහණ අනුර කුමාර හේරත් මහතා මරණ දඬුවම නියම කළේය.

පාසල් දැරියන් 25 දෙනකු කෙළෙසූ විදුහල්පතිවරුන්ගෙ වැඩ තහනන්

Image
පාසල් දැරියන් කෙළෙසූ විදුහල්පතිවරුන් 25 දෙනකු වැඩ තහනමට ලක් කළ බව නැගෙනහිර පළාත් අධ්‍යාපන ඇමැති විමලවීර දිසානායක මහතා පළාත් සභා රැස්වීමේදී අද ප්‍රකාශ කළේය. රිසානා නෆීක් වැනි දැරියන් කී දෙනකු වසරකට ශ්‍රී ලංකාවේදී ඝාතනය වන්නේදැයි ඔහු ප්‍රශ්න කළේය.

කනඳරාව වැවේ උණ්ඩ 2729ක් හමුවේ

Image
මිහින්තලේ මහ කනඳරාව වැවේ අඩි දහයක් ගැඹුරේදී අදත් උණ්ඩ 2729ක් ගොඩ ගැනීමට අනුරාධපුර පොලීසියේ ජීවිත ආරක්ෂක කණ්ඩායම සමත් විය.

නන්දිකඩාල් කලපුවේ හමුදා හෝටලයක්

Image
තිස් අවුරුදු යුද්ධයේ අවසන් සටනේදී යුද හමුදාවෙන් මැරුම් කෑ කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් සැඟැවී සිටි මුලතිවු නන්දිකඩාල් කළපුවේ යුද හමුදා හෝටලයක් ඉදි කැර ඇත.

නිකවැරටියේ කාන්තාවකගේ ගෙවත්තේ සිටි දෙපත් නයා.

Image
නිකවැරටියේ කාන්තාවකගේ ගෙවත්තේ සිටි සර්පයකු දැක කලබලයට පත් පිරිස් එම ‘අමුතු සතා‘ අල්ලා රෝහලට ද රැගෙන ගියහ. මේ සතා හඳුනා ගැනීමට කිසිවෙකුටත් නොහැකි විය. ඔවුන් අල්ලාගෙන ඇත්තේ කිසිම විසක් නැති ඉතාම අහිංසක උරගයකු බව කිසිවෙක් නොදත්හ.

මෙතෙක් මාධ්‍යයට හෙළි නොකළ නෙහාරා හා මේනක ගේ පෙම් කතාව

Image
නෙහාරා හා මේනක ගේ මෙතෙක් මාධ්‍යයට හෙළි නොකළ පෙම් කතාව සති අන්ත පුවත්පතකට ප්‍රසිද්ධ කොට තිබෙනවා.  මෙය මෙතෙක් කලක් මාධ්‍යයෙන් වසන් කලත් මේනක රාජපක්ෂ සිය දික්කසාදය ගත්තේද මෙම අරමුණෙන් බව  මෙයට පෙර හෙළිදරව් කරනු ලැබුණි.  පසුගිය කාලයේ මාධ්‍යයට දිවා රෑ නොබලා තමාත් මේනකත් අතර සම්බන්ධයක් නොමැති බව කියූ නෙහාරා එම මුවෙන්ම පහත වදන් ලිස්සා හැර තිබුනේ කිසිවක් නොදන්නා කෙනෙකු මෙනි.

ලන්ඩන් නුවරදී වෙන් දේසිවන අපෙ උරුමය​

Image
 

ෆේස්බුක් ඔස්සේ හෙළිවූ ජංගම දුරකථන සොරකම

Image
මාස දෙකකට පමණ ඉහතදී තුම්මුල්ල ප්‍රදේශයේ අවන්හලක් තුලදී නොකියා ලුමියා නවීන පන්නයේ දුරකතනයක් සොරාගෙන තිබු අතර පසුගිය කාලය පුරාවටම එම සොරකම පිලිබඳ කිසිදු හෝඩුවාවක් නොලැබුණේ එම සොරාගත් පුද්ගලයා එම දුරකතනයට සිම් පතක් ඇතුල් නොකිරීම හේතුවෙනි.  නමුත් මාස දෙකකට පමණ පසු සොරාගත් පුද්ගලයා විසින් සිය පෙම්වතියගේ ජායාරුප කිහිපයක් එම දුරකථනය ඔස්සේ ලබාගෙන තිබෙනවා. 

මොකක්ද මේ හලාල් සහතිකය?

Image
මුස්ලිම් ජාතිකයන් විසින් සිය ආහාර ලබාගැනීමට ප්‍රථම පහතින් කුරාණයේ දැක්වෙන ආකාරයට ආකාරයේ මාංශ එම ආහාරයන්හි අඩංගු දැයි යන්න සොයා බැලිය යුතුය. ඉස්ලාමීය ඉගැන්වීම් තුළ හලාල් හෙවත් අනුමත දේ සහ හරාම් හෙවත් තහනම් දේ පිළිබඳ එලෙස සංකල්පයක් ඉදිරිපත් කොට ඇත.

කරවිල ඇටයි දෙළුම් ඇටයි පිළිකා සටනට එයි

Image
බෙහෙවින් ගුණාත්මක ව්‍යංජනයක් ලෙස සැළකෙන කරවිල බීජ සහ ගුණදායක, රසවත් පළතුරක් වන දෙළුම් බීජ භාවිතය මගින් පිළිකා සෛල වර්ධනය වැළැක්විය හැකි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ  පශු වෛද්‍ය පීඨයේ ව්‍යාධිවේද විද්‍යාඥයෝ කියති.

ඇමැති මර්වින්ට මහර උසාවිය අසල උද්ඝෝෂණ

Image
කැලණිය ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී හසිත මඩවල මහතාගේ ඝාතනය පිළිබඳව සැකපිට අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවෝ මහර මහේස්ත‍්‍රාත් උසාවියට අද ඉදිරිපත් කරනු ලැබූහ. පනහක හැටක පමණ පිරිසක් අධිකරණය ඉදිරිපිටට රැස්වී ”ඇමැති මර්වින් සිල්වා අත්අඩංගුවට ගනු”, ”මිනීමරුවන් නිදැල්ලේ” වැනි පුවරු ඔසොවාගෙන සිටියහ.

පැය 12ක් වතුර කපයි

Image
කොළඹ, කො ට්ටේ, මහරගම, දෙහිවල, කැස්බෑව ආදී පෙදෙස්හි සෙනසුරාදා (19) උදේ අටේ සිට පැය 12ක් වතුර කපන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය කියයි.

වල් ඌරෙක් සිය ලඟම මිතුරෙකු කරගත් මිනිසෙක්.

Image
මිනිසෙක්, වල් ඌරෙක් සිය ලඟම මිතුරෙකු කරගත් අපුරු පුවතක් කෑගල්ල ප්‍රදේශයෙන් වාර්තා වනවා. කෑගල්ල අලව්ලාවෙල පදිංචි එම්.පී.පියදාස ගේ වයස අවරුදු හැත්තෑ දෙකකි. ඔහු "වයිරා" නමැති වල් ඌරා කුඩා කල පටන් කිරි දී හදාවඩා ගෙන ඇති අතර කන්නේ බොන්නේ නිදා ගන්නේද මෙම වල් ඌරා සමගය.  නමුත් ඔහුගේ ප්‍රදේශවාසින් මෙම වල් ඌරු ආදරය රු ස්සා නොමැති අතර ඒ අනුව වල් ඌරෙකු නිදැල්ලේ සිටීම අනාරක්ෂිත බව පවසමින් පොලිසියට පැමිණිල්ලක් සිදුකොට තිබෙනවා.  ඒ අනුව පැමිණිල්ල විමර්ශනය කිරීමට ගිය පොලිස් නිලධාරීන් ගේ මතය වී ඇත්තේ මෙම වල් ඌරා අනෙකුත් අයට හිරිහැරයක් බවත්, ආරක්ෂාවක් නොමැති නිසාත් වෙනමම ස්ථානයක තැබිය යුතු බවත් එසේ නොමැති නම් වන ජීවි දෙපාර්තුමේන්තුවට භාර දිය යුතු බවය. නමුත් එයට එකහෙලා විරුද්ධ වන පියදාස පවසන්නේ මෙවැන්නක්  

අමාවකට බැසගිය සඳ රිසානා

Image
හොරුන් ත්‍රස්තවාදින් මිනිසුන් මාර සඟවනාසේ සවුදී රජයද, දීරිය දියණියක් වූ රිසානා අමානුෂික ලෙස ඝාතනය කොට දැන් ලොවෙන් සඟවා අවසානය.  ඔවුන්ගේ ශිෂ්ඨත්වය කොතෙක්දයත් අවම වශයෙන් ඇගේ සිරුර ඇගේ මවුපියන් වෙත ලබාදීමටවත් කටයුතු නොකරන ලදී.  කුමන ජාත්‍යන්තර සම්මුතීන්ට අත්සන්කර සිටියද ඇය ඝාතනය කිරීම පෙර අවම වශයෙන් ඇගේ වෛද්‍යවරයා වන කිෆයා මහත්මියවත් දැනුවත් කර නොමැති අතර භුමදානය කිරීමට පෙර මරණ පරීක්ෂණයවත් පවත්වා නොමැත.

ගොඩවායේන් හමුවූ සියවස් 22 ක් පැරණි නෞකාව.

Image
ගොඩවාය ආසන්න මුහුදෙන් හමුවූ පැරණි නෞකාව මෙතෙක් ඉන්දියන් සාගරයෙන් හමුවූ පැරණිතම නෞකාව බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා පවසයි. ගොඩවාය සිට කිලෝ මීටර 3.5 ක් ඈත මුහුදේ අඩි 110 ක් ගැඹුරින් දැව කොටස්, වළං කැබලි කිහිපයක් හා ගල් බංකු දෙකක් හමුවූ බව ද ඒවා පැරණි රුවල් නැවක කොටස් බව ද පුරාවිද්‍යාඥයෝ පවසති.