Posts

මැතිවරණ කාලේ අමාත්‍ය රිෂාඩ් රස්සා 100ක් දුන්නේ ඇයි ?

Image
කර්මාන්ත සහ වානිජ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව අද කොළඹදී හා පුල්මුඩේදී විරෝධතා දෙකක් පැවැත්වුණා. විරෝධතාකරුවන් පැවසුවේ මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් පසු පුල්මුඩේ ඛණිජ වැලි නීතිගත සංස්ථාවට නීති විරෝධී ලෙස සේවකයන් 100 කට අධික පිරිසක් බදවා ගැනීමට අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා කටයුතු කරන බවටයි.

තරුණියන් දෙදෙනෙකුට පිහියෙන් කෙටූ සුද්දාට පොලීසියෙන් වෙඩි

Image
කොළඹ - හැව්ලොක් ටවුන් හි පිහිටි අවන්හලකදී තරුණියන් දෙදෙනෙකුට පිහියකින් පහරදී තුවාල සිදුකළ විදේශිකයෙකු පාලනය කිරීමට පොලීසිය ඔහුට වෙඩි තබා තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ වෙඩි වැදීමෙන් තුවාල ලැබූ විදේශිකයා සහ පිහියෙන් සිදුකළ පහරදීම නිසා තුවාල ලැබූ තරුණියන් දෙදෙනා මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.

Google වෙතින් ලෝකෙටම Wi-Fi නොමිලේ

Image
ඉතාම මැතකදි ලංකාවේ නගර කිහිපයකට නොමිලේ වයි-ෆයි පහසුකම ලබා දුන්නා ඔබට මතක ඇති. නමුත් ලෝකෙටම වයි-ෆයි පහසුකම නොමිලේ ලබා දෙනවා කිව්වොත් ඔබට මොනවා හිතෙයිද ?

තෙල් මිල කැපී පෙනෙන ලෙස පහතට

Image
න්‍යෂ්ටික අර්බුදය සම්බන්ධයෙන් ඉරානය බටහිර රටවල් සමඟ එකඟත්වයකට පැමිණීමට ආසන්න වද්දී ලෝක වෙළඳපළේ ඛනිජ තෙල් මිල කැපී පෙනෙන ලෙස පහත වැටී තිබෙනවා. ඊයේ (06) දිනයේදී

පිටසක්වල වස්තුවක් සොයාගනී

Image
කාලගුණ තොරතුරු ලබාගැනීම සදහා උඩුගුවනට යැවුණු බැලූනයක ඇලී තිබී පිටසක්වලින් පැමිණ ඇතැයි සැක කළ හැකි ලෝහ ගෝලයක් සොයාගැනීමට හැකිවූ බව බි‍්‍රතාන්‍යයේ ෂෙෆීල්ඩ් හා බකිංහැම් විශ්වවිද්‍යාල විද්‍යාඥයෙක් කියයි. නමින් මිල්ටන් වයින්ව‍්‍රයිට් වන ඔහු විශ්වාස කරන ආකාරයට මෙම ගෝලය පෘථිවි වායුගෝලයට ඇතුළුවීම වෙනත් ආකාරයකට පැහැදිලි කළ නොහැකිය.වායුගෝලයේ විසිර පවතින කුඩා අංශූ එකතු කර ගැනීම සදහා බැලූනයේ සවිකර තිබූ අනාවරකයේ මෙම ගෝලය ගැටී ඇති බවට සලකුණු තිබෙන බවත් එසේ ගැටෙන්නට නම් ගෝලය අධික වේගයකින් පැමිණිය යුතු බවත් ඔහු කියයි. පෘථිවි ගුරුත්වයට හසුවී පෘථිවියේ වායුගෝලය හරහා පැමිණුනොත් මිස එවන් වේගයක් මෙම ගෝලයට අත්පත් කර ගැනීමේ කිසිදු හැකියාවක් නැතැයි ඔහුගේ තර්කයයි. ගෝලය එක්ස් රේ කිරණ පරීක්ෂාවකටද භාජනය කර තිබේ.එය සැදී තිබෙන්නේ ටයිටේනියම් හා වැනේඩියම් ලෝහ මිශ‍්‍රණයකින් යැයි සොයාගෙන ඇත.

Frontline මුදා හරින්නයි අගමැති කියයි

Image
රේගුව මගින් රඳවා ගෙන තිබූ 'ෆ්‍රන්ට්ලයින්' (Front Line) සඟරාව මුදාහරින ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ උපදෙස් දී තිබේ.

ශ‍්‍රී.ල.නි.ප. නොමැතිව සන්ධානයේ පක්ෂ 4ක් අද නුගේගොඩට එක්වෙයි.

Image
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ඉදිරි මහමැතිවරණයේදී අගමැති අපේක්ෂයා විය යුතු බවට පවසමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයට අයත් පක්ෂ කිහිපයක් නුගේගොඩ දී අද (18) රැළියක් පවත්වනවා. මෙහි තේමාව මහින්ද සමග රට දිනවීමට ඔබ සූදානම්ද යන්නයි. මෙම රැළියට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහභාගි නොවන බවට ප‍්‍රකාශ කර තිබුණත් පක්ෂයේ සිටින ඇතැම් ප‍්‍රාදේශීය දේශපාලනඥයින් මීට එක්වීමට දැනටමත් ප‍්‍රකාශ කර අවසන්.