Posts

තිස්ස අත්තනායක සිංගප්පූරු යයි

Image
හිටපු සෞඛ්‍ය අමාත්‍ය තිස්ස අත්තනායක මහතා සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබෙනවා.

ලංකාව ගැන ඇමරිකාවෙන් සහතිකයක්.

Image
ශ‍්‍රී ලංකාව තුළ මේ වන විට නිර්මාණය වී ඇති නව වාතාවරණය තුළ පැහැබර අනාගතයකට බලාපොරොත්තු තැබිය හැකි බව ඇමරිකාව පවසනවා.

ලසන්ත වික‍්‍රමතුංග, භාරත ලක්ෂ්මන් ඇතුළු ඝාතන රැසකට වගකිව යුත්තේ ගෝඨාභය රාජපක්ෂ - මර්වින් සිල්වාගෙන් සී.අයි.ඩී. ය ට පැමිණිල්ලක්.

Image
මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග, භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර ඇතුලූ බොහෝ ඝාතන සඳහා වගකිව යුත්තේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී මර්වින් සිල්වා පවසනවා.

සෙත්සිරිපායෙනුත් ෆයිල් පන්නන්න හදලා

Image
බත්තරමුල්ලේ සෙත්සිරිපාය අමාත්‍යංශ සංකීර්ණයෙන් ඉවත් කිරීමට සැලසුම් කළැයි කියන ලිපිගොණු තොගයක් සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයාගේ පරීක්ෂාවට භාජනය විය.

වෙළේ සුදා ලංකාවට

Image
සමන්ත කුමාර නොහොත් වෙළේ සුදා පාකිස්තානයේදී අත් අඩංගුවට ගෙන කොළඹට ගෙන ආ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි. හෙරොයින් මත් කුඩු ජාවාරම් සම්බන්ධයෙන් ඔහු පොලිසියට අවශ්‍යව සිටි බවද පොලිසිය පවසයි. සමන්ත කුමාර විතානගේ නොහොත් වෙළේ සුදා රත්මලානේ මඩෝවිට පදිංචි කරුවකි. මුලින්ම කසිප්පු විකිණූ බව කියන ඔහු හෙරොයින් මත්කුඩු විකිණීමෙන් දෙවසරකදී රුපියල් 18 කෝටියකට ආසන්න වත්කම් හිමිකරගෙන සිටිතියි පොලිසිය අනුමාන කරයි.

හෙට පෞද්ගලික අංශයටත් නිවාඩු‍දෙන්න - කම්කරු දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක්

Image
හෙට (14) රාජ්‍ය හා බැංකු සේවකයින් සඳහා ලබාදෙන නිවාඩුවට සා‍පේක්ෂව පෞද්ගලික අංශය සඳහා ද නිවාඩු ලබාදෙන්නැයි කම්කරු දෙපාර්තමේන්තුව පෞද්ගලික අංශයේ සේවා යෝජකයින්ගෙන් කාරුණික ඉල්ලීමක් කරයි.

ජපනා දැක්ක ලංකාව මෙන්න

Image
ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පසු ගිය දින ලෝකයේ රටවල් කිහිපයක්ම  වැඩි වශයෙන් කතාබහට ලක්විය. ඒ අතරින් ඉන්දියාව, ජපානය, චීනය වැනි රටවල් ගැන  ලංකාව සම්බන්ධකර ගනිමින් විවිධ ආකාරයේ කතා සමාජය තුළ වැඩි වශයෙන් මාතෘකාවක් වශයෙන් කතා බහට ලක්වුණි. චීනය සම්බන්ධයෙන් කතා බහට ලක්වුයේ චීනයෙන් වැඩි වශයෙන් ආධාර හෝ ණය මුදල් රැගෙන ලංකාව චීන කොළණියක් බවට පත්වීමට  යන උත්සාහයක් සම්බන්ධයෙන් විපක්ෂයේ  සිටින විවිධ වු පුද්ගලයින්ගේ  විවේචනයට ලක්වීමයි.