Posts

හොර දාතු පෙන්නවා වැඩ වරද්දගනී.

ඉල් පොහොය දිනයේදී ඍර්ධි බලයෙන් ධාතූන් වහන්සේලා වැඩම වූ බව කියමින් ජනතාව රවටා මුදල් ලබා ගත් බව කියන පිරිසකට හම්බන්තොට - මිරිජ්ඡවිල ප‍්‍රදේශයේදී පහරදීමක් සිදුකර තිබෙනවා. පහරකෑමට ලක්වූ පුද්ගලයන් සඳහන් කර ඇත්තේ තම නිවසේ බුදු පහන දල්වන ස්ථානයට සර්වඥ ධාතූන් වැඩම කර ඇති බවයි. පසුව මෙය දැක බලා ගැනීම සඳහා විශාල වශයෙන් ජනතාව අදාළ නිවසට පැමිණි බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ධාතූන් වහන්සේලා වැඩම වූ බව කියන මෙම නිවස පිහිටා ඇත්තේ ද මිරිජ්ඡවිල ප‍්‍රදේශයේයි.

සචින් වාස්ගෙන් අනුර කුමාරට අභියෝගයක්.

Image
ජනාධිපතිවරණය ලබන වසරේ ජනවාරී මාසයේ දිනක පැවැත්වීම ස්ථිර බව විදේශ කටයුතු අධීක්ෂණ මන්ත්‍රී සචින් වාස් ගුණවර්ධන මහතා බලපිටියේදී පැවසීය. ඉදිරි ජනපතිවරණයේදී  හැකි  නම් ජනාධිපති  අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාට අභියෝග කරන බවද ගුණවර්ධන මහතා පැවසීය. ‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ එසේ මෙසේ පක්ෂයක් නොවේ.පැරැණි ශ්‍රි ලංකා නිදහස් පාක්ෂිකයන් මොන ප්‍රශ්න ආවත්  පක්ෂය හැරදා යන්නේ නෑ.තාම බලපිටියේ ඉන්නවා.අද අපි මැතිවරණ එන විට එපා බයයි

කැලණියේ කත පියයුරු කුඩා කර ගැනීමට ගිය සයනය වටලයි

Image
කඩුවෙල මහේස්ත්‍රාත් උසාවියෙන් ලබා ගත් නියෝගයක් අනුව මාලබේ කේ ඒ පෙරේරා මාවතේ තිරිහන් කිරීමේ සායනය  (07) දින කොළඹ අධිකරණ වෛද්‍යවරයා ඇතුළු කණ්ඩායමක් විසින් දැඩි සෝදිසියකට ලක් කැරිණි.

යළි තරග කළ හැකිදැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසන්න ව්‍යවස්ථාවෙන් ඉඩකඩක් නෑ අනුර කුමාර කියයි.

Image
‘‘ජනාධිපතිධූරයට යළි තරග කළ හැකිදැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ජනාධිපතිවරයා විමසා තියෙනවා. එහෙම විමසන්න ව්‍යවස්ථාවෙන් ඉඩකඩක් නෑ.” අද බත්තරමුල්ලේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක මහතා කීය.

පානදුරයේ හිමිනමක් අත් අඩංගුවට

Image
පානදුර වලාන දූෂන මර්ධන ඒකකයේ ස්ථානාධිපති ලෙස රඟ පාමීන් කුරුණෑගල දඹුල්ල  පාරේ

16 වැනි සියවස දක්වා දිව යන මොසැන්තෝ ගම්මානය.

Image
පෘතුගාලයේ මොසැන්තෝ ගම්මානය බලන්නට වටිනම තැනකි.මෙහි නිවෙස් බොහෝමයක වහල, බිත්ති වී තිබෙන්නේ විශාල පාෂාණයන්ය.

පෙම්වතියගේ නිරුවත් රූප ලෝකෙටම මුදාහැරි පෙම්වතා

Image
අපි හැමෝගෙම ජීවිතවලට පෞද්ගලිකත්වයක් තියනවා. ඒ පෞද්ගලිකත්වය අප ගනුදෙනු කරන ආයතන හා පුද්ගලයන් සම්බන්ධයෙනුත් පවතිනවා. ඒ නිසයි තමන්ගේ පෞද්ගලික බැංකු ගිණුමට රහස් අංකයක් දෙන්නේ. ඒ නිසයි තමන්ගේ ෆේස් බුක් ගිණුමටත් ඉ-තැපැල් ගිණුමටත් රහස් අංක භාවිත කරන්නේ. ඒ් රහස් අංකය යන වචනයේම තියෙන්නේ පෞද්ගලිකභාවය. ඒත් මෙම පෞද්ගලික පරිහරණයට දී ඇති අංකය තවත් කෙනකු අතට පත් වුවහොත් ඔබට අසීමිත ගැටලූවලට මුහුණ දෙන්න වන බව ඔබ වටහාගත යුතුයි.

ඉදිරි දින කිහිපය තුළ බොහෝ වෙනස්කම් සිදුවිය හැක සෝභිත හිමි කියයි.

Image
ඉදිරි දින කිහිපය තුළ බොහෝ වෙනස්කම් සිදුවිය හැකි බව සාධාරණ සමාජයක් සදහා වන ජනතා ව්‍යාපාරයේ කැදවුම්කරු පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් ප‍්‍රකාශ කළා. උන්වහන්සේ මේ බව කියා සිටියේ ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයෙකු සම්බන්ධයෙන් කෝට්ටේ නාගවිහාරයේදී ඊයේ (07) පැවැති සාකච්ඡාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

කටුනායක ගුවන් ගමන් ඇනහිටී, සේවකයෝ වර්ජනයක

Image
කටුනායක අන්තර්ජාතික ගුවන්තොටේ 4000ක් පමණ සේවකයෝ අද උදේ වර්ජනයක් ඇරැඹූහ. ඉල්ලීම් පහක් මුල් කරගෙන ඔවුහු මේ වර්ජනය ගෙන යති. ගුවන් තොටුපොළේ සියලු කටයුතු ඇන හිට ඇත.

ටොයොටා වාහන මිල පහතට

Image
ජපානයේ සුප්‍රකට මෝටර් රථ නිෂ්පාදන සමාගම වන ටොයොටා සමාගමට අනුබද්ධ ටොයොටා ලංකා සමාගම 2015 අයවැය යෝජනා වලට අනුව මෙරට විකුණන වාහනවල මිල අඩුකර තිබේ. මේ පිළිබඳව ටොයොටා ලංකා සමාගමේ සමාන්‍යාධිකාරී, එෂාන් කුරේ මහතා අප සමග පැවසුවේ ටොයොටා ලංකා විසින් මෙරට අලෙවි කරන නවතම Prius C හයිබ්‍රීඩ් රථයක මිල රුපියල් 1,25,000 ත් 1,40,000 ත් අතර මිලකින් අඩුකර තිබෙන බවයි.

සෞදි අරාබියේ විදේශික ශ්‍රමිකයන්ට නව නීති

Image
කොපමණ කලක් සෞදි අරාබියේ රැකියාව කළද අවසන් වරට රටින් පිටවී  යාමෙන් නැවත රැකියාවක් සදහා වසර දෙකක කාලයකට සෞදි අරාබියට පැමිණීම වැළක්වීමේ යෝජනාවක් වෙළඳ මන්ත්‍රණ  කම්කරු වෙළදපොල කමිටුව විසින් නිදේශ කරනු ලැබ ඇතැයි ‘‘ඇරැබ් නිව්ස්” පත්‍රය කියයි.

ෂාරුක් 49 වන උපන්දිනය සමරුවේ මෙහමයි.

Image
බොලිවුඩයේ සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ උපන්දිනය පසුගිය නොවැම්බර් 2වන දිනට යෙදී තිබුණා. ඔහු තමන්ගේ උපන්දිනය සැමරුවේ මුම්බායි මානාට්හි හි පිහිටි ඔහුගේ නිවසේදීයි. 

ෆොන්සේකාගේ ආධාර භාරගැනීම නිලධාරීන් ප්‍රතික්ෂේප කරයි.

Image
හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා කොස්ලන්ද මීරියබැද්ද ප්‍රදේශයේ සිදුවූ නායයෑමෙන් අවතැන්වූ පිරිස්වල සුවදුක් බැලීමට අද (06දා) පෙරවරුවේ එහි ගියේය. පසුව ෆොන්සේකා මහතා රැගෙන ආ වියළි

ඉන්දියාවේ තවත් කොටි ප්‍රහාරයක්

Image
ඉන්දියාවේ බෙන්ගංල් ප්‍රාන්තයේ සුන්දර්බාද්හි ෂැලෝ ගඟේ කකුළුවන් අල්ලමින් සිටි කාන්තාවක් බෙංගාල ව්‍යාඝ්‍රයකු විසින් ඇදගෙන ගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තාකරයි. 2014 වර්ෂයේ දී සුන්දර්බාද්හි ව්‍යාඝ්‍රයන් විසින් මිනිසකු ඇදගෙන ගිය හයවැනි අවස්ථාව මෙයයි. සැය සැමියා හා තවත් බෝට්ටුකරුවකු සමග ඇය කකුළුවන් අල්ලමින් සිටිය දී හදිසියේම කඩා පැන්න ව්‍යාඝ්‍රයා ඇය ඩැහැගෙන ඇත.

ලෝක විනාසය 2880 දී.

Image
ග්‍රාහකයක් වැදීමෙන් පෘථිවියේ මිනිසා ඇතුළු විශාල සත්ත්වයන් රැසක් විනාශ වී යා හැකියැයි ඇමෙරිකාවේ ටෙනිසීස් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ අනතුරු අඟවති. ඔවුන් පවසන්නේ 1950 ඒඩී නමින් නම්කැර ඇති ග්‍රාහකය වර්ෂ 2880 මාර්තු මස 16 වැනි දා පෘථියේ වැදීමට ඉඩ ඇති බවයි. මුල්වරට 1950 පෙබරවාරි 23 වැනිදා හඳුනාගත් මේ ග්‍රාහකය එතැන් සිටි දින 17ක් දර්ශනය වුව ද ඉන් පසු මේ දක්වාම දර්ශනය වූයේ නැත. පෘථිවිය හා මේ ග්‍රාහකය සම්බන්දයෙන් ඇති දත්ත අනුව එය 2880 දී පෘථිවිය ආසන්නයට ම පැමිණීමට නියමිතය.

ලක් තනාපති සෞදි කුමරෙක් හමුවෙයි

Image
සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති මොහොමඩ් හුසේන් මොහොමඩ් මහතා සහ සෞදි අරාබියේ නියෝජ්‍ය ඔටුන්න හිමි මුක්රින් කුමාරයා අතර හමුවක් පසුගිය සදුදා ජෙඩා නුවරදී සිදිවු බව සෞදි පුවත් පත් වාර්තා කරයි. රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් සිදුවූ මෙම ද්වි පාක්ෂික සාකච්ඡාවේ ප්‍රධාන පරමාර්ථය වුයේ දෙරට අතර මිත්‍රශීලී බවත් ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම වස් දෙරටෙහිම ව්‍යාපාරික ප්‍රජාව උනන්දු කිරීම බවත් සදහන්ය,

හාම්පුතුන්ට පොල්ල තියන ලාංකිකයෝ

Image
සෞදි අරාබියේ ගෘහස්ත රැකියා සදහා පැමිණෙන විදේශිකයින් ඉතා කෙටිකලකින් පලාගොස් වැඩි වැටුපකට නීති විරෝධීව රැකියා කිරීමේ හේතු මත එම සේවා යෝජකයා ඇතුළු පවුලේ සාමාජිකයින් ගැටළු රාශියකට මුහුණපාන බව සෞදි පුවත් පත් සඳහන් කරයි.

මෝර ප්‍රහාරයට ලක්වූ බ්‍රිතාන්න්ය ජාතිකයා

Image
ඕස්ට්‍රේලියාවේ බයිරන් බොක්කේ දී අවුරුදු 50ක් වයසැති පුද්ගලයකු මෝරකුගේ ප්‍රහාරයට ලක්ව මියගියේය.