ලෝක විනාසය 2880 දී.




ග්‍රාහකයක් වැදීමෙන් පෘථිවියේ මිනිසා ඇතුළු විශාල සත්ත්වයන් රැසක් විනාශ වී යා හැකියැයි ඇමෙරිකාවේ ටෙනිසීස් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ අනතුරු අඟවති. ඔවුන් පවසන්නේ 1950 ඒඩී නමින් නම්කැර ඇති ග්‍රාහකය වර්ෂ 2880 මාර්තු මස 16 වැනි දා පෘථියේ වැදීමට ඉඩ ඇති බවයි.
මුල්වරට 1950 පෙබරවාරි 23 වැනිදා හඳුනාගත් මේ ග්‍රාහකය එතැන් සිටි දින 17ක් දර්ශනය වුව ද ඉන් පසු මේ දක්වාම දර්ශනය වූයේ නැත. පෘථිවිය හා මේ ග්‍රාහකය සම්බන්දයෙන් ඇති දත්ත අනුව එය 2880 දී පෘථිවිය ආසන්නයට ම පැමිණීමට නියමිතය.

පර්යේෂකයන් පවසන්නේ ග්‍රාහකය පෘථිවියේ ගැටුණහොත් එමගින් ටී.එන්.ටී. මෙට්‍රික් ටොන් 44,800 ක් පිපිරීමට සමාන ශක්තියක් නිකුත්වන බවයි. එමගින් ඇතිවන ගින්න ලෝකයේ ජීවීන් මුළුමනින්ම පුළුස්සා දැමීමට සමත්වන බව ද ඔවුහු කියති. පැයට සැතපුම් 38,000ක වේගයෙන් පෘථිවියට කඩා වැටෙන මේ ග්‍රාහකය අත්ලන්තික් සාගරයට වැටුණහොත් එමගින් අඩි 400 ක් පමණ උසැති සුනාමි රළ නිපදවනු ඇතැයි ද කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් කියති.
කිලෝ මීටරයක පමණ විශාලත්වයෙන් යුතු මේ ග්‍රාහකය පැය දෙකයි මිනිත්තු හයකට වරක් එක භ්‍රමණවාරයක් සම්පූර්ණ කරයි. වේගයෙන් කැරකෙ ග්‍රාහකයක් බැවින්  ග්‍රාහකයක් කැඩී යාමට ද ඉඩ ඇතත් මේ ග්‍රාහකය භ්‍රමණය වීමේ වේගය අනුව ඒ මත ක්‍රියාත්මකවන වෑන් ද වේල්ස් නමැති සංසක්ත බලය හේතුවෙන් කැඩී යාමට ඉඩක් නැතැයි ද පර්යේෂකයෝ කියති.
විද්‍යාඥයන් පවසන්නේ ග්‍රාහකය පෘථිවියේ ගැටීමට පෙර විනාශකිරීමට හෝ ගමන්මග වෙනස් කිරීමට ක්‍රියා කළයුතු බවයි. විද්‍යාඥයන් පවසන්නේ මේ ග්‍රාහකය පෘථිවියේ ගැටීමට ඉඩ ඇත්තේ සියයට 0.3ක අවස්ථාවක් පමණක් බවයි.

Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්