Posts

විහාර භූමියට අත නොතබන්නැයි ඉල්ලා විරෝධතාවක්

Image
ඇඹිලිපිටිය පදලංගල ගෝඨාභය රාජමහා විහාරයට අයත් ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගැනීමට එරෙහිව මහා සංඝරත්නය  ඇතුලූ ප්‍රදේශවාසීහූ හය සියයකට වැඩි පිරිසක් ඇඹිලිපිටිය නෝනාගම ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවක නිරතවුහ. ගෝඨාභය විහාරස්ථානයට අක්කර දහ අටක ඉඩමක් හිමි බවද විරෝධතාකරුවෝ කීහ. එම ඉඩම රත්නපුර සහ හම්බන්තොට දිස්ත්‍රික් දෙකට මායිම්ව පිහිටා තිබේ. එම අක්කර දහ අටෙන් තුනක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ වන අතර ඉතිරි පහළොව රත්නපුර දිස්ත්‍රික්කයේය. රත්නපුර දිස්ත්‍රික්කයට අයත් ඉඩම්වලින් කොටසක් මෙසේ අල්ලා ගෙන ඇතැයි විරෝධතාකරුවෝ චෝදනා කළහ.

ඩොල්ඨෆින් මාළුන් ඇල්ලූ ධිවරයෝ 15ක් අත්අඩංගුවට

Image
බත්තලංගුණ්ඩුවට කිලෝමීටර 10ක් ඈත මුහුදේ අනවසර ලයිලා දැල් දමා ඩොල්ෆින් මාළුන් ඇල්ලූ බව කියන ධිවරයෝ 15ක් කල්පිටිය පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. ධීවර යාත්‍රා කීපයක් ද අත්අඩංගුවට ගත් භාණ්ඩ අතර වේ. ඩොල්ෆින් මැරීම සපුරා තහනම්ය. කෙලවල්ලන් අල්ලන බව කියමින් ඩොල්ඨෆින් මාළුන් මරා ඇතැයි ද, මරා දැමුණු මාළුන් 100ක් පමණ මුහුදේ සිටි බව වෙනත් ධීවරයන් පිරිසක් දැක ඇතැයි ද කියති.

සොරාගත් රන් මුදු ලක් කතගේ බඩේ

Image
කුවේට් රාජ්‍යයේ කුවේට් නගරයේ මුතාරක්කියා ස්වර්ණාභරණ සාප්පුවකින් රන් මුදු සොරා ගත් ශ්‍රී ලාංකික කතක හා ඉන්දියා ජාතිකයකු රෝහලට ගෙන ගොස් විරේකයක් දීමෙන් පසුව හොර බඩු එළියට ගත් බව සල්න්රියා පොලීසිය කියයි.

අයි පෑඩ් සොරකමේ ගිය නිරුපිකාව

Image
පසුගිය ජනවාරි 12 වන දින රුපියල් අසූපන් දහසක් වටිනා අයිපෑඩ් එකක් සොරකම් කල නිරුපිකාවක අධිකරණයේදී සිය වරද පිළිගෙන ඇත.  මෙසේ අයිපෑඩ් උපකරණය සොරාගෙන ඇත්තේ සකුරා සෞම්‍යා කුමාරි බණ්ඩාරනායක නිරුපිකාවකි.  පසුගිය ජනවාරි මස 12 දින මෙම නිරුපිකාව කොල්ලුපිටිය ක්‍රෙස්කැට් සාප්පු සංකීර්ණයේ පිහිටි මොනාච්චි හවුස් ආයතනයට දැන්වීමක් ලබා ගැනීමට අවශ්‍ය බව පවසා ගොස් ඇත.  පසුව එහි අයිතිකරු වන මොහොමඩ් ෆායින් රොෂාන් නැමැත්තා ඇය සමඟ සාකච්ඡා කර ඔහු එම වෙළෙඳ ආයතනයේ ඇතුළට ගිය අතරතුර ඔහුගේ අයිපෑඩ් එක මෙම නිරුපිකාව විසින් සොරකම්කොට ඇත.

මුස්ලිම් නොවන ළමුන් වෙනුවෙන් පවත්වන සමස්ථ ලංකා රචනා තරංගාවලිය

Image
පසුගිය සැප්තැම්බර් 18 සහ 19 යන දිනවල ජාතික පුවත්පත්වල මුස්ලිම් ආගමික සහ සංස්කෘතික කේන්ද්‍රය මගින් සංවිධානය කළ රචනා තරගයක් පිළිබඳව දැන්වීමක් පලවිය. එම රචනාවේ මාතෘකාව වූයේ " මිනිස්කමින් ලොව දිනූ උතුම් මුහම්මද් නබි තුමානෝ " යන්නයි.   මෙම තරඟාවලියේ විශේෂත්වය නම් එය සඳහා ලිපි ඉදිරිපත් කල හැකිවන්නේ මුස්ලිම් නොවන සහෝදර සහෝදරියන්ට පමණි. මෙහි ප්‍රථම ස්ථානය සඳහා රුපියල් 20 000 ක මුදලක් හිමිවන අතර දෙවන සහ තෙවන ස්ථාන සඳහා පිළිවෙලින් රුපියල් 15 000 සහ 10 000 හිමිවන බව එහි දැක්විණි.

ජාතික ගීය වෙනස් කිරීම රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් හෙළ උරුමය අවධාරණය කරයි.

Image
ජාතික ගීය වෙනස් කිරීම සඳහා ආණ්ඩුවේ ඇමැතිවරයකු දරන උත්සාහය රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව ජාතික හෙළ උරුමය අවධාරණය කරයි. එය වෙනස් කිරීමට යමෙක් යෝජනා කරන්නේ නම් ඒ සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් සහ ජනමත විචාරණයක් අවශ්‍ය බවද හෙළ උරුමය වැඩිදුරටත් සඳහන් කර සිටී.

නැන්දම්මා මරා මුදල් හා රන් අබරණ පැහැරගැනීමට ගිය පනස් හැවිරිදි කත අත්අඩංගුවට

Image
කඩයේ සේවකයකු ද සමග මහ රෑ කළු ඇඳ පිහියක් ද, අත්වැසුම් දරැගෙන නැන්දම්මා මරා මුදල් හා රන් අබරණ පැහැරගැනීමට ගිය බව කියන පනස් හැවිරිදි කතක සැකපිට අත්අඩංගුවට ගත් බව රාගම පොලීසිය කියයි. නැන්දම්මාගේ ගෙදරට තාප්පයකින් පණිද්දීම අල්ලාගත් බව  පොලීසිය පවසයි. පොලීසියට කලින් ලැබුණු ඔත්තුවක් අනුවපොලීසිය එහි සැඟවී සිටියේය. මේ කාන්තාව කඩකාරියක් බවත්, ඇගේ සැමියා ඇමෙරිකාවේ සිටින බවත් පොලීසිය කියයි.