Posts

බුදුන් වැඩ විසූ බව කියන විහාරස්ථානයක නටබුන්

Image
බිහාර් ප්‍රාන්තයේ ගුරුවා නම්වූ ගමෙහි බුදුරජානන් වහන්සේ වැඩ විසූ බව කියන විහාරස්ථානයක නටබුන් ඇතැයි  බුද්ධගයාවේ බුදු නුවණ මහමෙව්නා අසපුවේ භික්ෂූහු කියති.

පාසල් බසයක් වෙලට පෙරළේ

Image
පානදුර වාද්දුවේ මොරෙන්තුඩුවේදී   පාසැල් බසයක් වෙලකට පෙරලී එම   බසයේ සහයිකාව  මිය ගොස්  එක සිසුවියක්  සුළු තුවාල ලබා ඇතැයි  පොලීසිය කියයි.

ලිංගික අල්ලස් ලබා ගන්නා රැකියා නියෝජිත ආයතනයක් පිළිබඳ තොරතුරු හෙළිවෙයි.

Image
ගෘහ සේවය සඳහා විදේශ රටවලට උතුරු නැගෙනහිර ප්‍රදේශවල දෙමළ කාන්තාවන යවන මුවාවෙන් මුදල් හා ලිංගික අල්ලස් ලබා ගන්නා රැකියා නියෝජිත ආයතනයක් පිළිබඳ තොරතුරු රැසක් මුලතිව් පදිංචි කතක (22) හෙළි කළාය. ඇය මෙම ජාවාරමකරුට හසුවී මාස පහක් වන බවත්, දැනට දින 10ක රැකියා නියෝජිත ආයතනය විසින් දඹුල්ලේ නිවසක නතර කැර සිටින බවත් ඇය කීවාය. ඇයට සිදුවන්නට යන කරදරය පිළිබඳ සැක සිතී ඇය නතර කැර සිටින නිවසේ හිමිකරුවන්ගේ සහයෝගය ඇතිව ඇය මෙම ජාවාරමේ සියලු සාක්කි හෙළි කරන බව කියන්නීය.

පාඨලී, දිනේෂ්, විමල්, ජනපති සහයට එකට එකතුවෙයි.

Image
ඉදිරි ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් රජයේ කැබිනට් ඇමතිවරුන් වන පාඨලී චම්පික රණවක, දිනේෂ් ගුණවර්ධන සහ විමල් වීරවංශ යන ඇමතිවරුන් එක පෙරමුණකට ගෙන ඒමට ජාතික සංවිධාන එකමුතුව මේ දිනවල කටයුතු කරගෙන යයි.

මල සිරුරක් කිලෝමීටර් 17ක් දුර ගියහැටි සිසිටිවී කැමරා මගින් සොයාගනී

Image
නාවලපිටියේදී අභිරහස් ලෙස මිය ගිය නාඳුනන පුද්ගලයකුගේ සිරුර කිලෝමීටර් 17ක්  ගම්පොළ දක්වා ඇමිණි ගිය බව කියන වෑන් රිය  සීසීටිවී ආරක්ෂක කැමරා අධාරයෙන් දින තුනකට සොයා පසු ගැනීමට  පොලීසිය සමත් විය.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අරලියගහ මන්දිරයට

මහින්ද රාජපක්ෂ ජනපතිට තෙවැනිවරටත් තරග කළ හැකිද නැද්ද පිළිබදව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව  අද සවස අරලියගහ මන්දිරයට යැවීය.

ලංකාවට ඉන්දියාව තුල ක්‍රිකට් තහනම් කරන්නයි කියා පෙස්සමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඉන්දියාවේ ක්‍රීඩා කිරීමට තහනම් කරන ලෙස ඉන්දියා දෙමළ  තරුණ හා දෙමළ ශිෂ්‍ය ෆෙඩරේෂනය හා තවත් කණ්ඩායම් තුනක් ඉල්ලා ඇත.