පාඨලී, දිනේෂ්, විමල්, ජනපති සහයට එකට එකතුවෙයි.

ඉදිරි ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් රජයේ කැබිනට් ඇමතිවරුන් වන පාඨලී චම්පික රණවක, දිනේෂ් ගුණවර්ධන සහ විමල් වීරවංශ යන ඇමතිවරුන් එක පෙරමුණකට ගෙන ඒමට ජාතික සංවිධාන එකමුතුව මේ දිනවල කටයුතු කරගෙන යයි.

ඒ වෙනුවෙන් අනිද්දා (12දා) දින කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී 'රට ආපස්සට අදින පරගැති මෙහෙයුම් පරදවමු' මැයෙන් මහජන රැලියක් සංවිධානය කර ඇති අතර, ඒ සඳහා සහභාගී වන්නැයි ඉහත සඳහන් ඇමතිවරුන් තිදෙනාට ජාතික සංවිධාන එකමුතුව විසින්     පෞද්ගලිකවම ආරාධනා කර තිබේ.
  ජනාධිපතිවරණයේදී ජාතික බලවේග බෙදී වෙන්වී කටයුතු කළහොත් එය මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණයට අවාසි සහගතව බලපානු ඇති බව එම සංවිධානය මෙම ඇමතිවරුන්ට පෙන්වා දී ඇත.
මේ පිළිබඳව අදහස් දැක්වූ ජාතික සංවිධාන එකමුතුව නියෝජනය කරන දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කළේ, එක් පොදු මතයක සිට මහින්ද රාජක්ෂ මහතාට සහාය දැක්විය යුතු බවට ජාතික සංවිධාන එකමුතුව ගත් තීරණය පදනම් කරගෙන පාඨලී රණවක, විමල් වීරවංශ සහ දිනේෂ් ගුණවර්ධන යන ඇමතිවරුන් එක පෙරමුණකට ගැනීමට කටයුතු කරගෙන යන බවයි.
මේ සම්බන්ධව ඉකුත් සමයේ ජාතික සංවිධාන නියෝජන කරන භික්ෂූන් වහන්සේලා, විද්වතුන් මාර්ගයෙන්ද අදාළ ඇමතිවරුන්ට දන්වා සිටි බවද මහලේකම්වරයා පවසා සිටියේය.
12 වැනිදා පැවැත්වෙන රැලියට සහභාගී වන්නැයි පාඨලී රණවක ඇමතිවරයාට දේශප්‍රේමී භික්ෂු පෙරමුණේ මහලේකම් පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් විසින් දැනටමත් ආරාධනා කර තිබෙන බවත්, අද දිනයේදීද රණවක ඇමතිවරයා මුණගැසීමට ජාතික සංවිධාන එකමුතුව සැලසුම් කරගෙන ඇති බවත් වසන්ත බණ්ඩාර මහතා සඳහන් කළේය.
මේ අතර දිනේෂ් ගුණවර්ධන සහ විමල් වීරවංශ යන මහත්වරුන්ටද ආරාධනා කර තිබෙන බව පැවසූ මහලේකම්වරයා, කෙසේ හෝ මෙම ඇමතිවරුන් තිදෙනා එක වේදිකාවට ගෙන එමින් ජාතික බලවේග අපේක්ෂා කරන ජනබලය ගොඩනැගීමට ඉදිරියේදී කටයුතු කරන බවද
                                                       පවසා සිටියේය.


Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්