Posts

ටොන් 500ක ග්‍රහකයක් බෑගයක දමා අල්ලාගැනීමට නාසා ආයතනය සැරසෙයි

Image
පෘතුවිය ආසන්නයට එන බස් රථ දෙකක පමණ ප්‍රමාණයෙන් යුත් ටොන් 500 ක් බරැති ග්‍රහකයක් අල්ලාගැනීමට නාසා ආයතනය මේ වනවිට පිඹුරුපත් සකසමින් සිටිනවා. එම ග්‍රහකය අල්ලාගන එය ප්‍රතිස්ථාන ගත කිරීමෙන් අනතුරුව අජටාකාෂගාමීන් ගේ අඟහරු මෙහෙයුම සඳහා අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමටයි ඔවුන් සැලසුම් කර තිබෙන්නේ.

මාතලේ සමූහ මිනි වළෙන් 1969 රුපියලේ කාසි

Image
මාතලේ රෝහල් භූමියෙන් සොයාගත් සමූහ මිනීවලේ තවත් ඇට කැබලි විශාල ප‍්‍රමාණයක් ඇතැයි අනාවරණය වී ඇත. මේ වනවිට හිස් කබල් 48 ක් සමග ඇට කැබලි විශාල ප‍්‍රමාණයක් එම සමූහ මිනී වළෙන් ගොඩගෙන ඇතැයි මාතලේ කොට්ඨාශය භාර පොලිස් අධිකාරී සජීව මැදවත්ත මහතා කීය. එම මිනී වළෙන් මෙතෙක් සොයාගත් හිස් කබල් ප‍්‍රමාණය 54 කි.

මව්පිය උණුසුම අහිමි වූ දරු තිදෙනා.

Image
බිබිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් තනායම් ගම ග්‍රාම නිලධාරි වසමේ ඇතුන්දඬුආර ගම්මානයේ පදිංචිව සිටින වයස්ගත යුවලක් ඔවුන් භාරයේ වැඩෙන දරුවන් තිදෙනෙකු ජීවත් කරවන්නට මගක් නැතැයි පවසමින් බිබිල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට රැගෙන විත් භාර කළ බව බිබිල ප්‍රා‍දේශිය ලේකම් ප්‍රගීත් කුලතිලක මහතා පවසයි.

නව වසරේ පළමු ඩෙංගු ගොදුර

Image
2013 වසරේ ප්‍රථම ඩෙංගු මරණය වාර්ථා වූයේ නුගේගොඩ සමුද්‍රදේවි බාලිකා විදුහලෙනි. එම විදුහලේ දෙවැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි සඳුනි අප්සනා ඩෙංගු මදුරු දළ තුඩට ගොදුරු වී ජනවාරි 02 වැනිදා මෙලොව හැර ගියේ සමුද්‍රදේවි බාලිකාවියන්ගේ සහ මුළු ගුරු මණ්ඩලයේ දෑස් කඳුළින් පිරී යද්දීය.

ලොව ප්‍රථම කෘත්‍රිම චන්ද්‍රිකාව

Image
 කෘත්‍රිම චන්ද්‍රිකාව මීට වර්ෂ ගණනාවකට පෙර පැවති දෙවන ලෝක යුද්ධ සමයේදී ඇමෙරිකා එක්සත් ජනපදය සෝවියට් රුසියාව සමග හොඳටම නොරොක් වී සිටියේය. රොකට් බෝම්බ උපකාරී කර ගනිමින් තම සතුරාට පහර දුන් ඔවුන් රොකට් තාක්ෂණය ක්‍රම ක්‍රමයෙන් දියුණු කිරීමට කටයුතු කරන ලදී. අභ්‍යවකාශ තරණය මේ කාලය තුළ වැඩි වැඩියෙන් කතාබහට ලක්වූ මාතෘකාවක් විය. මේ නිසා ලොව ධනවත් යැයි සැලකෙන රටවල් කිහිපයක්ම අභ්‍යවකාශ තරණය සඳහා වෙර දරමින් සිටියේය. සෝවියට් රුසියාව  සහ ඇමෙරිකා එක්සත් ජනපදය මේ අතරින් ප්‍රධාන විය. එකල ලොව බලවතා වීම සඳහා අභ්‍යවකාශ තරණය ප්‍රධාන අවශ්‍යතාවයක් වී තිබුණු නිසා මෙම රටවල් දෙක අතර අභ්‍යවකාශ යානා තරගයක් ඇතිවිය. ඔවුන් දෙපිරිස අතර ඇතිවූ මෙම තරගය හේතුවෙන් අභ්‍යවකාශ තරණය සඳහා මිනිසා වඩාත් ඉක්මන් වූවා යැයි කිව හැකිය.

මෙක්සිකෝවෙන් හමුවූ (පිටසක්වල ජීවී) මානව කපාලය

Image
බැලූ බැල්මට රිඩ්ලි ස්කොට්ගේ ‘Alien’ ගණයේ චිත්‍රපටයකට වස්තු බිජය සපයන කතා තේමාවකට උචිත යැයි හැඟී යන මේ අපූරු හිස්කබල, පිටසක්වල ජීවියෙකුට අයත් වූවක් නම් නොවේ. මෙක්සිකෝවේ, ඔහාවාස් ගම්මානයේ පිහිටි පැරණි සුසාන භූමියකින් සොයා ගන්නා ලද වසර දහසක් පැරණි මෙම මානව හිස්කබල කපාල විකෘතිතාවකින් පෙළුණු ආදි මානවයෙකුගේ වන අතර කපාලයේ හැඩය වෙනස් කිරීම සඳහා හිස්කබල බන්ධනය කිරීමේ පුරාණ සම්ප්‍රදාය පෙන්නුම් කරමින්
Image
බණ්ඩාරවෙල මහ නගර සභාවේ පුහුණුව ලබමින් සිටි 22 හැවිරිදි තරුණියක් ඊයේ (03) සවස එහි සේවය කරන කාර්‍යාල කාර්‍ය සහායකු විසින් පැහැර ගෙන ගොස් තිබේ. කාර්මික විද්‍යාල අධ්‍යාපනයෙන් පසු වැඩිදුර පුහුණුව සඳහා බණ්ඩාරවෙල මහ නගර සභාවට අනුයුක්ත කර සිටි මෙම තරුණිය විවාහ කර ගන්නට කැමැති බවට මෙම පුද්ගලයා විසින් තරුණියගේ දෙමව්පියන්ගෙන් විමසා ඇතත් ඔවුන් ඊට සතුටු වී නැත.