මාතලේ සමූහ මිනි වළෙන් 1969 රුපියලේ කාසි


co333
මාතලේ රෝහල් භූමියෙන් සොයාගත් සමූහ මිනීවලේ තවත් ඇට කැබලි විශාල ප‍්‍රමාණයක් ඇතැයි අනාවරණය වී ඇත. මේ වනවිට හිස් කබල් 48 ක් සමග ඇට කැබලි විශාල ප‍්‍රමාණයක් එම සමූහ මිනී වළෙන් ගොඩගෙන ඇතැයි මාතලේ කොට්ඨාශය භාර පොලිස් අධිකාරී සජීව මැදවත්ත මහතා කීය. එම මිනී වළෙන් මෙතෙක් සොයාගත් හිස් කබල් ප‍්‍රමාණය 54 කි.


co22
ඉතිරි හිස් කබල් 06 මතුපිටින් පෙනෙන ආකාරයට වළ තුළ දක්නට ඇතැයි ද මැදවත්ත මහතා කීය. මෙහි තවත් හිස් කබල් සහ ඇට කැබලි තිබෙන බව අනුමාන කරන බවද ඔහු සඳහන් කළේය. නමුත් මෙතෙක් එම ඇට කැබලි කුමන කාල වකවානුවකට අයත්දැයි නිෂ්චිතව තහවුරු වී නැතැයිද ඒ මහතා කීය. කැනීම්වලදී මෙම සමූහ මිනී වළේ තිබූ ඇට කැබලි අතරින් 1963 සහ 1969 යන වර්ෂවල නිකුත් කර ඇති රුපියලේ කාසියක් සහ ශත පනහ කාසියක් හමු වී ඇති බැවින් මෙම සමූහ මිනී වළ 1969න් පසු කාලයේ එකක් විය හැකි යැයි අනුමානයක්ද තිබේ.
co23
එම කාසි පසු කාලයක පස් අතරට එකතු වී තිබෙන්නට පුළුවන් බැවින් එම අනුමානය නිවැරැදි නොවන බවත්, විද්‍යාත්මක කාල නිර්ණයකින් ඒ බව නිසි ලෙස තහවුරු කරගත හැකි බවත් මැදවත්ත මහතා කීය.ඒ සඳහා ඇට කැබලි මේ වන විටත් විද්‍යාගාර පරික්‍ෂණයකට යොමුකර ඇතැයිද ඔහු වැඩිදුරටත් කීය.
ගයාන් කුමාර වීරසිංහ

Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්