මව්පිය උණුසුම අහිමි වූ දරු තිදෙනා.

daru1බිබිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් තනායම් ගම ග්‍රාම නිලධාරි වසමේ ඇතුන්දඬුආර ගම්මානයේ පදිංචිව සිටින වයස්ගත යුවලක් ඔවුන් භාරයේ වැඩෙන දරුවන් තිදෙනෙකු ජීවත් කරවන්නට මගක් නැතැයි පවසමින් බිබිල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට රැගෙන විත් භාර කළ බව බිබිල ප්‍රා‍දේශිය ලේකම් ප්‍රගීත් කුලතිලක මහතා පවසයි.

daru2
මෙසේ භාරකළ දරුවන් තිදෙනා පිළිවෙලින් වයස අවුරුදු දෙකහමාර ( 2 ½ ) හය (06) හා දාහතර (14) පමණ බව ඒ මහතා පවසයි. මෙම දරුවන් තිදෙනා ඔවුන් රැක බලාගත් වයස්ගත යුවළගේ දියණියන් දෙදෙනෙකුගේ බවත්, එම දියණියන් දෙදෙනා මෙන්ම ඔවුන්ගේ ස්වාමි පුරුෂයන් විසින් මේ දරුවන් හැර යාම නිසා වසර ගණනාවක සිට මෙම දරුවන් ‍තිදෙන හැදී වැඩී ඇත්තේ මෙම වයස්ගත යුවළ ළඟ බවත් අනාවරණය වී ඇත.
daru3
මෙම දරුවන් තිදෙනාගෙන් වයස අවුරුදු 14 ක් වූ වැඩිමහල් දරුවාගේ මව නොහොත් මේ වයස්ගත යුවළගේ වැඩි මහල් දියණිණියගේ සැමියා ඔවුන් හැර ගිය පසු ඇය මීට වසර දෙකකට ප්‍රථම විදේශගත වන බව පවසා ගමෙන් බැහැරව ගොස් ඇතත් මෙතෙක් ඇය ගැන කිසිදු තොරතුරක් නැති බව මේ දරුවන් තිදෙනාගේ මිත්තනිය ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරින්ට පවසා තිබේ.
daru4
එමෙන්ම ඉතිරි දරු දෙදෙනාගේ මව මෙම දරු දෙපල හැර ගොස් ඇත්තේ බිබිල සති පොළට ගොස් නැවත එන බව පවසමිනි. මෙතෙක් ඇය ගැන තොරතුරක් නැති බව මේ දරුවන්ගේ මිත්තනිය පවසා ඇත. මෙම දරු තිදෙනා රැක බලාගත් වයස්ගත යුවළ ගේ වයස පිළිවෙලින් වයස අවුරුදු 60 – 70 පමණ වන බව පැවසේ. ඔවුන් දෙපළට ද ජීවත් වීමට ආදායම් මාර්ගයක් නොමැති බවත් ඔවුන් යැපෙන්නේද අසල්වැසියන්ගේ උදවු උපකාරවලින් බවත් අනාවරණය වී ඇත.
daru5
කෙසේ නමුත් මේ කුඩා දරු තිදෙනා සම්බන්ධයෙන් ආරක්ෂිත පියවරක් ගන්නා ‍තෙක් මෙම දරු තිදෙනා රැක බලා ගැනීමට අවශ්‍ය ආහාර පාන ඇඳුම් ,පැළඳුම්, කිරිපිටි, පොත් පත් ඇතුළුව රුපියල් විසි දහසකට ආසන්න මුදලක් වැය කොට එම පවුල වෙත ලබාදීම බිබිල ප්‍රාදේශිය ලේකම් ප්‍රගීත් කුලතිලක මහතා අතින් සිදුවිය. මෙම ආහාර පාන, ඇඳුම් පැළඳුම් හා පොත් පත් සඳහා වැය වූ වියදම් සොයා ගෙන තිබුණේ ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුලු බිබිල ප්‍රා‍දේශීය ලේකම් කාර්යාලයේ සේවක සේවිකාවන්ගේ කාරුණික මැදිහත් වීමෙනි. කෙසේ වෙතත් මෙම දරුවන්ගේ ඉදිරි අනාගතය වෙනුවෙන් ද ඉදිරි වැඩ පිළිවෙලක් සකසන බව බිබිල ප්‍රාදේශීය ලේකම් ප්‍රගීත් කුලතුංග මහතා සහතික වෙයි.


ඡායාරූප සහ සටහන - කුමුදු ලාලනී දිසානායක - මොණරාගල 
lakbima.lk

Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්