රනිල් අගමැති කරවන්න බෑ.. සෝභිත හිමි, ගම්මන්පිල විරුද්ධයි.. JHU-මෛත‍්‍රී ගිවිසුමේ ඇතුළු කතාව මෙන්න…

ජාතික හෙළ උරුමය හා පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා අතර මීළඟ ජනාධිපතිවණය වෙනුවෙන්  ඇති කරගත් එකඟතාවය හේතුවෙන් හෙළ උරුමයේ බරපතල බිඳීමක් මතුව ඇති බව එම පක්‍ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
දෙපාර්ශ්වය අතර ගිවිසුම අත්සන් කරන්නට පෙර රැස් වූ හෙළ උරුමයේ මධ්‍යම කාරක සභාව තුල වැඩි පිරිසක් මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහාය දක්වීමට විරෝධය පල කර ඇත.
රනිල් අගමැති කරන්නට සහයෝගය දීම යළි නිවැරදි කල හොහැකි දේශපාලන වැරැද්දක් බව එම කණ්ඩායම පෙන්වා දී ඇති අතර හෙළ උරුමයේ නායක පූජ්‍ය  ඕමල්පේ සෝභිත හිමි සහ හිටපු බස්නාහිර පළාත් ඇමති උදය ගම්මන්පිල මේ මතය වෙනුවෙන් දැඩිව අදහස් දක්වා තිබේ. රනිල් අගමැති කරවීම සඳහා මෛත‍්‍රිපාල සිරිසේන රහස් එකඟතාවයක් ඇති කරගෙන ඇති බවත්, දෙමළ සන්ධානය මෙම හවුලට එක්වන ආකාරය ගැටළු සහගත ඔවුන් පෙන්වා දී ඇත.
එහිදී මහ ලේකම් චම්පික රණවක මහතා එම ස්ථානයෙන් මදක් බැහැරට ගොස් සැලකිය වේලාවක් දුරකතන ඇමතුමක නිරතව සිට ආපසු පැමිණ පවසා ඇත්තේ තමන් දැන් ඇමතුවේ මෛත‍්‍රීපාල සිරිසේන මහතාට බවත් දැන් සියළු දෙනාම ඔහු හමුවීමට ගොස් මෙම ගැටළු නිරාකණය කර ගත හැකි බවත්ය.
අනතුරුව ජාතික හෙළ උරුමයේ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයන් මෛත‍්‍රිපාල සිරිසේන මහතා සිටි ස්ථානය කරා ගොස් ඇති අතර චන්ද්‍රිකා කුමාරතුංග, රනිල් වික‍්‍රමසිංහ හා රාජිත සේනාරත්නද එහි පැමිණ තිබින.
හෙළ උරුමයේ සාමාජිකයන් එහිදී මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන් රනිල් අගමැති කරන්නට ගිවිසුමත් ඇතිද? දෙමළ සන්ධානය සමඟ ඇති ගණුදෙනුව කුමක්දැයි ප‍්‍රශ්න කර තිබේ. එම ප‍්‍රශ්ණවලට මෛත‍්‍රීපාල මහතා සහ වික‍්‍රමසිංහ මහතා එතරම් තැකීමක් නැතිව එවන් ගිවිසුම් කිසිත් නැති බව සඳහන් කර ඇත.
අනතුරව එම මොහොතේම දෙපාර්ශවය අතර ගිවිසුම අත්සන් කිරීම සඳහා චම්පික රණවක මහතා යෝජනා කලද නායක සෝභිත හිමියන් සහ ගම්මන්පිල ඊට අකමැත්ත පල කරමින් මෙම ගිවිසුම උත්සවාකාරයෙන් ප‍්‍රසිද්ධියේ කල යුතු බව සඳහන් කලද රණවක මහතාගේ දැඩි බලපෑම මත ඒ අසල තිබූ ප්ලාස්ටික් මේසයක් හා පුටු දෙක තුතක් මතට සුදු රෙදි කිහිපයක් දමා මෙම අත්සන් තැබීම සිදු කර තිබේ.
මෙම පුදුම සහගත ගිවිසුම්ගත වීම ජාතික හෙළ උරුමයේ මධ්‍ය කාරක සභා සාමාජිකයන් වික්‍ෂිප්තව බලා සිට ඇති අතර මේ වන විට එම පිරිස් මේ සම්බන්ධයෙන් දැඩි කලකිරීමකින් පසුවන්නේ යයිද පැවසේ.


Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්