ලංකාවේ ඒඩ්ස් පතුරවන්නේ සමලිංගික සේවනයේ යෙදෙන පිරිමි විසින් බව හෙළි වේ

පසුගිය දෙසැම්බර් පළමුවන දිනට දී තිබුණු ජාත්‍යන්තර ඒඩ්ස් දිනය නිමිති කරගෙන ලංකාවේ විවිධ සෞඛ්‍ය වැඩසටහන් ක්‍රියාත්මක වුනා. ශ්‍රී ලංකාවේ ඒඩ්ස් රෝගීන්ගේ යම් වැඩි වීමක් පසුගිය වසර කිහිපයේ දක්නට ලැඛෙන බව ජාතික ලිංගාශ්‍රිත හා ඒඩ්ස් මර්දන වැඩසටහන පවසනවා.

එත් දැනටත් ඒඩ්ස් ගැන ලංකාවේ ගොඩ දෙනෙක්ගේ තිඛෙන දැනුම අසම්පූර්ණයි. නමුත් දැනට පවතින තත්වයට අනුව හැම දෙනාම මේ ගැන දැනුවත් වීම වටිනවා. ඔවුන්ගේ සංඛ්‍යා ලේඛන අනුව දැනට ලංකාවේ වාර්තා වී ඇති ඒඩ්ස් රෝගීන් ප්‍රමාණය 2000 ඉක්මවනවා. සිහි තබා ගන්න. මේ වාර්තා වී ඇති ප්‍රමාණය පමණයි.

මේ වනවිට ශ්‍රී ලංකාවේදී ්‍යෂඪ ඒඩ්ස් ආසාදිතයන් 275 ක් මියගොස් සිටින අතර තවත් ආසාදිතයන් 4200ක් ශ්‍රී ලංකාවේ වාසය කරන බවයි ඇස්තමේන්තු කෙරෙන්නේ. ඉතිහාසයේ වැඩිම ඒඞ්ස් රෝගීන් වාර්තා වී ඇත්තේ 2012 වර්ෂයේදීයි. ඒ රෝගීන් 190ක්. ලංකාවේ නීතියෙන් තහනම් වුණත් ගණිකා ව්‍යාපාරය ජයටම කෙරී ගෙන යන බව කවුරුත් දන්නා සත්‍යයක්.

මිට වසර දෙක තුනකට කලින් නම් ලංකාවේ ඒඩ්ස් පැතිරවීමේ මුල වුනේ ගණිකාවන්. නමුත් දැනුවත් කිරීමේ ව්‍යාපාර සහ තවත් ක්ෂේත්‍ර ගණනාවක කැප වීමේ ප්‍රතිපලයක් ලෙස දැනට බොහෝ දෙනා දැනුවත් වෙලා ඉන්නවා රෝගය බෝ වීමෙන් වලකින හැටි ගැන. කෙටියෙන්ම කිව්වොත් දැනට අනාරක්ෂිත ලිංගික ඇසුරකට යොමු වෙන කෙනෙක් තමාගේ පරෙස්සම ගැන හිතලා කොන්ඩම් එකක් පාවිච්චි කරන්නට තරම් දැනුවත්.

කෙසේ නමුත් අලුත්ම තත්වය මිට හාත්පසින්ම වෙනස්. දැන් ලංකාවේ ඒඩ්ස් පතුරවන්නට මුල වෙලා ඉන්නේ ගණිකාවන් නොවෙයි. සම ලිංගික සේවනයේ යෙදෙන පිරිමි. 2010 වර්ෂයේ ජාතික ඇස්තමේන්තුවට අනුව සම ලිංගික සම්බන්ධතා පවත්වන පුරුෂයන් 24,000 - 37,000 අතර සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවේ සිටින බවයි වාර්තා වී තිඛෙන්නේ.

එච්.අයි.වී වයිරසය ශරීර ගත වූවන්ගෙන් සියයට 30ක් දෙනා අනාරක්ෂිත සම ලිංගික සම්බන්ධතාවයන් පැවැත්වූ පිරිමි අය බව පසුගිය වසරේ දී හෙලිව ඇති බව එච්.අයි.වී ඒඩ්ස් මර්ධන වැඩසටහනේ අලුත්ම වාර්තා පවසනවා. මේ අනුව ඉදිරියේදී අවදානම් ලිංගික කටයුතු වල නිරත වන කණ්ඩායම් දැනුවත් කිරීමේ වැඩ සටහන වඩාත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම සඳහා රාජ්‍ය නොවන සංවිධාන වල සහය වැඩිවැඩි ලබාගැනීමට කටයුතු කරන්නට ඔවුන් පියවර ගනිමින් සිටිනවා.

්‍යෂඪ වයිරසය ශරීර ගත වූ සම ලංගික පිරිමි පුද්ගලයින් වැඩි වශයෙන් හමු වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර වැඩිම පිරිස දෙහිවල,ගල්කිස්ස හා රත්මලාන ප්‍රදේශ වලින් වාර්තා වී තිඛෙනවා. සම ලිංගික සම්බන්ධතාවයන් පැවැත්වීම ශ්‍රී ලංකාව තුල නීති විරෝධී වන අතර මෙම අවදානම් කණ්ඩායම් වෙත ල`ගා විය හැක්කේ රාජ්‍ය නොවන සංවිධාන කිහිපයකට බැවින් ඔවුන් හරහා මෙම පුද්ගලයින් දැනුවත් කිරීම හා කොන්ඩම් ඛෙදා හැරීම වැනි කටයුතු ක්‍රියාත්මක කරන්නට ඒඩ්ස් මර්ධන වැඩසටහනට සිදු වී තිඛෙනවා.

මෙම රෝගය පිළිබඳව තමන්ගේ රුධිර සාම්පලයක්‌ පරීක්‍ෂා කර ගැනීමේ පහසුකම් දිවයිනේ ප්‍රධාන රෝහල්වල ආරම්භ කර ඇති අතර සැක සහිත නම් 0112667163, 0112667029 යන දුරකථන අංකවලින්ද උපදෙස්‌ ලබා ගතහැකියි. මෙවැනි පරීක්ෂණයක් කිරීමේදී ඔබේ පෞද්ගලිකත්වය සහ රහස්‍ය භාවය තදින්ම ආරක්ෂා වන නිසා ඒ ගැන සැක සංකා ඇති කර ගන්නට එපා.

Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්