‘දුෂණය ඉහවහා ගිය ගොඩට යන්නත් බෑ‘ (වීඩියෝ දසුන් සහිතයි)

‘ලොකුවට බැනර්,තොරණ,කටවුට් ගහන්න පුළුවන්  නමුත් ජනතා හදවතට හිතවත් වෙනන් බැරිනම්  වැඩක් නෑ.හොරකම ,මැරකම හා දුෂණයෙන් සියලු දේ වහනවානම් එක් එක් අයගේ පිට කසනවානම් ,සුදුහුණු ගානවානම්,අපේ රටට සුගතියක් වන්නේ නැතැයි‘ කළුතර දිස්ත්‍රික් සන්ධාන මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා හොරණදී ප්‍රකාශ කළේය.

පළාත් සභා හා පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට විරුද්ධව අල්ලස් චෝදනා ඇතැත් ඉන් එක් අයකුටවත් නඩු දමා ඇත්දැයි නොදන්නා බව ඔහු කීවේය.
‘අද දේශපාලනය සමහරුන් අතේ මළ සිරුරක් වගේ.පණුවන් ගැසා ගඳ ගසනවා.දේශපාලනඥයින්ගේ හොරකම් හා දුෂණ ගැන චෝදනා විතරයි.
තවම නීතීය ක්‍රියාත්මක වී නැහැ.දුෂණය ,වංචාව ඔඩුදුවා තිබෙන ගොඩට අපි එකතු වෙනවාද,නැත්නම්  ජනතාව වෙනුවෙන් කැප වෙනවාද යන තීන්දුව අප සැම දෙනා විසින්ම ගතයුතුයි.‘




Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්