සිදුහත් උපන් තැන විභාග අංශයත් නොදනී?



අපෝස සාමාන්‍ය පෙළ විභාගයේ අද(09) පැවැති බුද්ධ ධර්මය ප්‍රශ්න පත්‍රයේ පළමු බහු වරණ ප්‍රශ්නය ගැටළු සහගත බව සිසුහු සහ ගුරුවරු පවසති.
පාසල්වල හා පිරිවෙන්වල බුද්ධ ධර්මය උගන්වන ස්වාමීන්වහන්සේලා කිහිප නමක්ද කීවේ එම ප්‍රශ්නයේ ගැටළුවක් ඇති බවයි. එම ප්‍රශ්නය මෙසේය.


 




සිදුහත් කුමාරයා උපත ලැබුවේ කොසොල් රටට අයත් ශාක්‍ය ජනපදයේ අගනුවර වූ,
  1. දෙව්දහ නුවරය  2) සැවැත් නුවරය 3) කපිලවස්තු පුරය 4) කිඹුල්වත් පුරය
එම පිළිතුරු අතුරින් නිවැරදි පිළිතුර තෝරන්නට තිබිණි. 

10 ශ්‍රේණිය බුද්ධ ධර්මය පොතේ සඳහන්ව ඇත්තේ ශාඛ්‍ය ජනපදයේ අගනුවර කපිලවස්තු පුර ලෙසිනි.
කැලණිය විශ්ව විද්‍යාලයයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්ය සුමනපාල ගල්මංගොඩ මහතා පැවසුවේ කිඹුල්වත් නුවර කියනුයේ ද කපිලවස්තුපරයටම බවයි.
කැලණිය විශ්ව විද්‍යාලයයේ පුරා විද්‍යා අධ්‍යයන අංශයේ මාහාචාර්ය ප්‍රිෂාන්ත ගුණවර්ධන මහතා කියනුයේ ද කපිලවස්තුපුර හා කිඹුල්වත් නුවර එකක් බවයි.
ප්‍රශ්න පත්‍රයක දෙනුයේ වඩාත්ම ගැලපෙන පිළිතුර තෝරන්නට බවත්, ළඟින් යන උත්තර කිහිපයක් තිබුණත් නිවැරදි පිළිතුරක් තිබෙන බවත් විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව් එම් එන් ජේ පුෂ්පකුමාර මහතා කීවේය.

Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්