පොලිස් බල්ලා හිමිකරු ළඟටම යයි



අලුත්ගම දර්ගා නගරයේ යතුරු පැදි කඩයකට සඳුදා (08) අලුයම ගල් ගසා අලාභ හානි කිරීමේ සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වන පොලිසිය, පොලිස් සුනඛ වූෂි සඳුදා සවසම එහි රැගෙන ගියේය.

කඩය ඇතුළේ තිබූ ගලක් ඉව කළ වූෂි තුන් වරක්ම කඩ හිමියා ළඟට ගොස් නතර වූයේය.
හමුදාවෙන් ඔහුගේ කඩය අලුත්වැඩියා කර දී ඇති අතර යකඩ දොරක් දැමීමට නියමිතව තිබිය දී මේ සිද්ධිය වාර්තා විය.
පසුගිය කලබල සමයේ ඔහුගේ කඩයට ද හානි වූ නමුත් වන්දි ලැබී නැතැයි ද එහෙත් හමුදාව කඩය අලුතින් හදා දී ඇතැයි ද පොලිසිය පවසයි.
වෙනත් සංවිධානයක බැනරයක් එම කඩය ආසන්නයේ ගසක බැඳ තබන්නට ඇත්තේ පොලිසිය නොමඟ යවන්නට විය හැකි යැයි කියති.
 

Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්