ඉපදුණු ගමන් බිළිදා කැලේට විසිකරයි.

අවිවාහක අවුරුදු 19 ක කාන්තාවක් ඊයේ (08) පස්වරු 6 ට පමණ ප‍්‍රසූත කළ පිරිමි බීළිදෙකු තම නිවසේ ගෙවත්තේ දමා තිබීයදී ආගරපතන ඩයගම පොලීසිය මඟින් රාත‍්‍රී 7 ට පමණ සොයාගෙන තිබෙනවා. පොලීසියට ලැබුණු තොරතුරක් මත
ගෙවත්ත පරික්ෂා කිරීමේදී මෙම බීළිදා සොයාගත් බවයි ඩයගම පොලීසිය පවසන්නේ. සොයාගත් බීළිදා ඩයගම ප‍්‍රාදේශීය රෝහලට ඇතුලත් කර ඇති අතර බීළිදා ප‍්‍රසූත කළ මවද සැකපිට පොලීස් අත් අඩංගුවට ගෙන තිබෙනවා. නිවසේ තවත් පවුලේ සාමාජිකයන් සිටින අවස්ථාවේ දරු ප‍්‍රසූතිය සිදුවී ඇති බවයි පොලීසිය පවසන්නේ. සිද්ධිය පිළිබඳව ඩයගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්