මම කිවුවේ ඇමති මණ්ඩලයට එන ෆයිල් ගැනයි ..

තමන් සඳහන් කළේ අමාත්‍ය මණ්ඩල රැස්වීමට අමාත්‍යවරුන් එවන ෆයිල් ගැන බව ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය
අද (05දා) අරලියගහ මන්දිරයේදී පුවත්පත් කතුවරුන් හා මාධ්‍ය ප්‍රධානීන් සමග පැවැති හමුවකදී, ජනපතිවරයා පසුගියදා ප්‍රකාශ කළ ෆයිල් කතාව සම්බන්ධයෙන් මාධ්‍ය ප්‍රධානීන් හා
පුවත්පත් කතුවරුන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනපතිවරයා මේ බව පැවසීය.
“ඇමතිවරුන් කැබිනට් එකට එවන ෆයිල් තියෙනවා. මම කිවෙ ඒ ෆයිල් ගැන. කැබිනට් පේපර් එකක් එළියට දාන්න බෑනේ. ඒවා රහස්නෙ. මම හිතන එක නෙමෙයි ඔයාලා (මාධ්‍ය) තේරුම් අරන් තියෙන්නෙ. අපි නිතර හමුවෙන්න ඕන මේක කතා කරන්න. මගෙන් කෝල් එකක් දීලා ඇහුව නම් මම ඒක කියනවනෙ” යනුවෙන් ජනපතිවරයා පැවසීය.

Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්