ජනපති තිරුපති යයි.


සන්ධාන ජනපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා දකුණු ඉන්දියාවේ තිරුපති කෝවිල වෙතට පැමිණ අද (9) සහ හෙට (10) දෙදින එහි ආශිර්වාද දේව පූජාවලට සහභාගීවීමට නියමිත බැව් ඉන්දීය මාධ්‍ය කියයි.

මේ හේතුවෙන් තිරුපති කෝවිල ආශ්‍රිත පූජා භූමි ප්‍රදේශයට සඳුදා (8) සිට දැඩි ආරක්ෂාවක් යෙදවීමට ඉන්දීය පොලිසිය පියවර ගෙන ඇතැයි ‘‘ද හින්දු“ පුවත්පත කියයි.
විශේෂ ගුවන් යානයකින් කොළඹ සිට පැමිණෙන ජනාධිපති රාජපක්ෂ මහතා තිරුපති දෙවොල වෙත ගොඩබිම් මාර්ගයෙන් ගමන් කිරීම මෙම විශේෂ ආරක්ෂාව සැපයීමට හේතුවී ඇත.
අන්ද්‍රා ප්‍රදේශයේ තිරුමාලා හි සප්ත ගිරි කඳු අතර පිහිටි තිරුපති කෝවිල ලොව බෙහෙවින් පරසිදු හින්දු ආගමික ස්ථානයකි. දිනකට 50,000 සිට 1,00000 දක්වා වන්දනාකරුවෝ එහි එති. වෙන්කතේෂ්වර දෙවියන් සඳහා කැපවුණු ආගමික සිද්ධස්ථානයක් ලෙස මෙය හැඳින්වේ.


Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්