රට ගොඩනැගීමට සියලූදෙනා එක්විය යුතුයි. ජනපති

ජනතාව වෙනුවෙන් ලබාදුන් පහසුකම් ආරක්ෂා කරගනිමින් රට ගොඩනැගීමට සියලූදෙනා එක්විය යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කළා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ වාර්ෂික සම්මේලනයට සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩාංගනයේදී අද (09) එක්වෙමින්. සෞඛ්‍ය සේවාවේ සියලූ පහසුකම් ජනතාවට නොමිලේ ලබාදෙන වෙනත් කිසිදු රටක් ලෝකයේ නොමැති බවද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී කියා සිටියා.  ඔහු කියා සිටියේ පෞද්ගලිකකරණය වළක්වා රාජ්‍ය සම්පත් සුරක්ෂිත කළ රජයේ වැඩපිළිවෙල ගැන සිතා බැලීමට කාලය පැමිණ ඇති බවයි.


මේ අතර මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග‍්‍රහණය විජයග‍්‍රහණයක් බවට පත් කිරීමට කැප වන බවට ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය ඊයේ ප‍්‍රතිඥාවක් ලබා දුන්නා. ඒ, එම සන්ධානයේ නියෝජිතයින් සහ ජනාධිපතිවරයා අතර ඊයේ පැවති හමුවකදියි. ශ‍්‍රී ලංකා නිදහස් සේවක සංගමය ඇතුළු රාජ්‍ය සහ පෞද්ගලික අංශය නියෝජනය කරන වෘත්තීය සමිති නායකයන් මෙම හමුවට එක්ව සිටියා.   එහිදී අදහස් දැක්වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ රට තුළ සහ විදේශ ගතව ක‍්‍රියාත්මක වන රටට එරෙහි බලවේග පිළිබඳව අවධානයෙන් පසුවිය යුතු බවයි.

මේ අතර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද පස්වරුවේ ඉන්දියාව බලා පිටත්ව ගියා. ජනාධිපති ප‍්‍රකාශක මොහාන් සමරනායක සඳහන් කළේ පෞද්ගලික සංචාරයක් සඳහා ජනාධිපතිවරයා ඉන්දියාවට පිටත්ව ගිය බවයි.

Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්