පේරාදෙණිය මල් වත්තේ ආරක්ෂාව තර කෙරේ.

පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයේ ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන තිබෙනවා. එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිරිල් විජේසුන්දර  සදහන් කළේ ඒ සඳහා දැනටමත් පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් යොදවා ඇති බවයි.


කිසියම් පිරිසක් විසින් පේරාදෙණිය උද්භිද උද්‍යානයේ තිබූ සුදු හඳුන් ගස් දෙකක් කපා දැමීමේ සිද්ධියක් පසුගිය දා වාර්තා වුණා. හිටපු ජනපති ජේ.ආර්. ජයවර්ධන රෝපණය කරන ලද සුදු හඳුන් ගසක් ද පේරාදෙණිය උද්භිද උද්‍යානයේ පවතින අතර ඊට ද මෙම සුදු හඳුන් ගස් කැපූ පිරිස හානි කර ඇති බවයි එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිරිල් විජේසුන්දර වැඩිදුරටත් සදහන් කළේ.

මෙම හේතූන් පදනම් කර ගනිමින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කළ බවයි අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ.

Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්