"තව කට්ටිය එන්නත් ඉන්නවා "- චන්ද්‍රිකා කියයි.

මෛත්‍රීපාල සිරිසේන කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් .විරුද්ධ මත ඉදිරිපත් කරන අය මහපාරේ මරා නොදැමු  කෙනෙක් .අනික් මතවලට ඇහුන්කන් දෙන්න පුළුවන් ඉවසන්න පුළුවන් නායකයෙක්.අද මේ සටනට ප්‍රධාන පක්ෂ එකතු වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කුට්ටියක්ම ඉන්නවා. තව කට්ටිය එන්නත් ඉන්නවා‘ යැයි  හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මෛත්‍රීපාල සිරිසේන මහතාට  සහාය පළ කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුමට අත්සන් කිරීමේ උත්සවයේදී  කොළඹ විහාරමහාදේවි උද්‍යානයයේ එළිමහන් රංග පීඨයේදී කීවාය.

ජනතාවට වෙනසක් ඇති කරන ගමන අද ඇරැඹුවා. මේ ගමන කිසිම දවසක නැති විදියට සියලු පක්ෂ සහ සිවිල් සංවිධාන එකතු වෙලා. ශතවර්ෂ ගණනාවකට පසු වෙන්න ඇති මේ වගේ කෘර, වංචා දූෂණ වලින් පිරි රජයක් බිහිවුණේ. අපි අවුරුදු නවයක් ඉවසුවා. දැන් ඉවසුවා ඇති කියා ජනතාව තීන්දු කර තිබෙනවා.
මෛත්‍රීපාල සිරිසේන කියන්නේ දූෂණ  කරන කෙනෙක් නෙමේ.  විවේචන භාර ගන්න පුළුවන් කෙනෙක්. විවේචන කරන මිනිස්සු මහ පාරේ මහ දවල් ඝාතනය කරනේ නෑ. ප්‍රතිපත්ති ගරුක නායකයෙක්.
දැන් සමහරු කියනවා අපි කලින් මේ ව්‍යවස්ථාව වෙනස් කළේ නැහැ කියලා. මං ජනාධිපති වුණාට පස්සේ නිතරම උත්සාහ කළා මෙය වෙනස් කරන්න. ඒ වෙනුවෙන් තමයි අවුරුද්දක් කලින් තියාගෙන ජනාධිපතිවරණය කැඳෙව්වේ. අපට අවශ්‍ය තුනෙන් දෙක හදා ගන්න. මම අවුරුද්දක් කළින් ඡන්දය කැඳෙව්වේ නක්ශත්‍ර කාරයන් කිව්ව නිසා නොවෙයි. මේ ව්‍යවස්ථාව ස්ථාපිත කරන්නයි.
අද මේ කටයුත්තට ප්‍රධාන පෙළේ පක්ෂ ගණනාවක් සහාය දෙනවා. අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කුට්ටියක් එකතු වෙලා ඉන්නවා. ඉදිරියේ තව එකතු වෙන්නත් ඉන්නවා.
අද සංවර්ධන වැඩවලට ඇමෙරිකාවේ යන ගණනටත් වඩා පස් ගුණයක් පමණ වියදම් කරනවා. ලංකාවේ වියදම් විය යුතු ගණනට වඩා දස ගුණයක් පමණ වියදම් කරනවා. මේ මුදල් යන්නේ එක පවුලක සාක්කුවට.  උද්ධමනය වැඩි වෙන්න ප්‍රධාන හේතුවක් තමයි හොරකම.
දරුවෙක් පාසලකට දාන්න ලක්ෂ ගණනක් වියදම් කරනවා.
අපි සියලු දෙනා එකතු වෙලා මේ කෘර ආණ්ඩුව වෙනස් කරමු. මේක කාගෙවත් ආණ්ඩුවක් නොවෙයි. මේක එජාපය, ශ්‍රීලනිපය ඇතුළු සියලු පක්ෂවල ආණ්ඩුවක්.

Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්