බාල වයස්කාර දැරිවියක් (14) සමග අඹු - සැමි ඇසුරක් පැවැත්වූ අයෙකු අත්අඩංගුවට.

වයස අවුරුදු 14 ක් වන බාල වයස්කාර දැරිවියක් සමග අඹු - සැමි ඇසුරක් පැවැත්වූ බව කියන අයෙකුව ලබන 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පුත්තලම වැඩ බලන මහේස්ත්‍රාත් අබ්දූල් කාදර් මහතා නියෝග කළේය.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ කල්පිටිය ධීවර ගම්මානයේ පදිංචිකරුවෙකු වන 33 හැවිරිදි අයෙකුවය.
අතවරයට ලක්ව ඇත්තේ කල්පිටිය - ධීවර ගම්මානයේ පදිංචිව සිටින දැරිවියකි.

තමන් නිවසේ නොසිටි අවස්ථාවක සැකකරු තම දියණිය සමග අඹු - සැමි ඇසුරක් පවත්වා ඇති බව අතවරයට පත්ව ඇති දැරිවියගේ මව කල්පිටිය පොලීසියට කර ඇති පැමිණිල්ලේ සදහන් වේ.සැකකරු  හා අතවරයට පත්ව ඇති දැරිවිය අතර කාලය පටන් ප්‍රේම සම්බන්ධතාවයක් තිබී ඇති බවත්,එම සම්බන්ධයේ ප්‍රතිඵලයක් ලෙස මෙම අතවරය සිදුවී ඇති බවත් කල්පිටිය පොලීසිය විසින් අනාවරණය කරගෙන ඇත.
අතවරයට පත්ව ඇති දැරිවිය වෛද්‍ය පරීක්ෂණයක් සහ ප්‍රතිකාර සදහා කල්පිටිය දිසා රෝහලට ඇතුළත් කර ඇත.
කල්පිටිය පොලීසියේ පොලිස් කොස්තාපල් වසන්ත මහතා විසින් සැකකරුව අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදි.

Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්