සුරියවැව අත්පත් කරගත් දළඹු හමුදාව ( වීඩියෝ දර්ශන සහිතයි)

හම්බන්තොට - සූරියවැව - බැද්දේවැව බටහිර ගම්මානයේ දළඹුවන් විශේෂයක් පැතිර යාම හේතුවෙන් ගම්වැසියන් දැඩි අපහසුතාවකට පත්ව සිටින බව වාර්තාවනවා.  මෙම තත්ත්වය මත ඇතැම් ගම්වැසියන් සිය නිවාස අතහැර වෙනත් ස්ථාන කරා යෑමටද පියවර ගෙන
ඇති බවයි.

බැද්දේවැව - බටහිර ගම්මානයේ මෙම දළඹු විශේෂය පැතිරයාම ආරම්භ වී ඇත්තේ දින 5 ක පමණ සිටයි. ගස්වල රැඳී සිටින දළඹුවන් බිමට පැමිණෙන බවයි ගම්වැසියන් පවසන්නේ. එලෙස පැමිණෙන දළඹුවන් නිවෙස් තුළද බහුල ලෙස පැතිර තිබෙනවා. මීට දින කිහිපයකට පෙර සමනළුන් විශේෂයක් ප‍්‍රදේශයට පැමිණි අතර ඉන් අනතුරුව දළඹුවන්ගේ පැතිරයාම ආරම්භවූ බවයි ප‍්‍රදේශවාසීන් පවසන්නේ. මෙම තත්ත්වය මත පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලටද බාධා මතුව තිබෙනවා. ගම්වැසියන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ එම ගැටළුවට කඩිනමින් විසඳුම් ලබාදෙන ලෙසයි.



උපුටා ගැනීම : hirunews.lk

Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්