ෆ්‍රැන්සිස් සේවියර් දේහය යළි පෙන්වයි


සාන්තුවරයකු ලෙස සැලැකෙන ෆ්‍රැන්සිස් සේවියර්තුමාගේ දේහය 17 වැනි වරටත් නොවැම්බර් 22 සිට ජනවාරි 4 දක්වා ඉන්දියාවේ ගෝවේ නුවර ප්‍රදර්ශනය කරන බව ගෝවේ රදගුරු කියයි.

වසර 462 කට පෙර ස්පාඤ්ඤයේදී මිය ගිය සේවියර්තුමාගේ දේහය පෙන්වනුයේ දස වසරකට වරක් පමණි.සේවියර්තුමාගේ දේහය මුලින්ම  මලක්කාවේ (උතුරු මලයාසියාවේ )තැන්පත් කැරිණි.
දෙවසරකට පසු නෝර්වේ පෘතුගිසි කොලණියට රැගෙන යනු ලැබුහ.මෙම දේහය ෂඩ්භාෂා පරමේෂ්වර තොටගමුවේ රාහුල හිමියන්ගේ යැයි  ශ්‍රී ලාංකිකයන් විශ්වාස කරන බව ජනප්‍රවාදයේ සඳහන්වේ.කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙමටානේ උපන් රාහුලහිමියෝ ගත් කතුවරයකු , ජ්‍යෙති ශාස්ත්‍රඥයකු හා අයුර්වේද වෛද්‍යවරයකු වශයෙන්  නම්දරා සිටියහ.
රාහුල හිමියන් විසින් ඇල්පිටිය අඹනඉදුරුගිරි ලෙනේදී  අපවත්වීමට පෙර වළදන ලද බව කියන සිද්ධාලෝක රසය තෛලය නිසා දේහය නරක් නොවන බවත්  දැලි රැවුල් වැවෙන බවත් ජනප්‍රවාදයේ සඳහන්ය.
1505දී පෘතුගීසි ආක්‍රමණියන්  උන්වහන්සේගේ සිරුර විජයබා පිරිවෙනේ තැන්පත් කැර තිබු බවද කියැවේ

Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්