වැඩ වැරැදුණාම එන්නේ තානාපති කාර්යාලයටයි



සෞදි අරාබියේ නැගෙනහිර කලාප තානාපති ජංගම සේවාවෙන් නොවැම්බර් 7 දින විවිධ කටයුතු ඉටු කරගැනීමට ශ්‍රී ලාංකිකයෝ විශාල පිරිසක් පැමිණ සිටියහ.
 උදැසන 7 සිට රියාද් තානාපති කාර්යාලය අමාත්‍ය සිරිපාල ගම්මන්පිල මහතා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් ඔවුන්ගේ ගැටලු විසඳ ගැනීමට උදව් කළහ.
හිංසන සහ දුෂ්කරතා මධ්‍යයේ තානාපති රැකවරණ පතා සෞදි නිවෙස් වලින් පලා ආ කාන්තාවෝ කිහිපදෙනෙක්ම සහන සොයා ආහ.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ  උසස් නිලධාරියෙකු පැවසුවේ මෙම කාන්තාවන් දෙදෙනා
කිසියම් හෝ ස්ථානයක සිට තවත් කාන්තාවක් සමග මෙම ස්ථානයට හිස් අතින් පැමිණියද නොබෝ වෙලාවකින් කල්වේලා ඇතුව සකස් කරගන්න ලද විශාල ගමන් මලු 2 ක් සමග ඉන්දියා ජාතිකයෙකු සහ ශ්‍රී ලාංකිකයකු පැමිණ ගමන් මලු ඔවුන්හට බාරදී පලා යන්නට තැත්කළ බවයි ප්‍රශ්න කිරීමේදී මෙම පුරුෂයන් හා කාන්තාවන් අතර පැහැදිලි සම්බන්දයක් නොතිබූ බැවින් ඔවුහු සෞදි ආරක්ෂක අංශ වෙත බාර දෙනු ලැබූහ.
සෞදි අරාබියේ විවිධ ප්‍රදේශ වල විසිරී සිටින ශ්‍රී ලාංකික කතුන්ගෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් මෙරටට පැමිණ ඉතා සුළු කාලයකදී පැමිණි නිවෙස් වලින් පලාගොස් විවිධ සම්බන්දතා ඔස්සේ වැඩි වැටුපකට වෙනත් නිවෙස් වල නීති විරෝධී ලෙස රැකියා කරමින් විෂමාචාර ක්‍රියා වලට හවුල් වී විදේශිකයින්ඇතුළු අනෙකුත් පුත්ගලයින්ගේ ගොදුරු බවට පත්වී කිසිවෙකුගේ පිළිසරණක් නොලද විට  තානාපති රැකවරණ පතා පැමිණීම සාමාන්‍ය දෙයක් බවට පත්වී ඇතැයි නිලධරයෙක් කියයි.

Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්