අතුරුදහන් වුණු පාසල් සිසුවියන් දෙදෙනා තරුමයන් දෙදෙනෙකු සමග බස් රියකදී හමුවෙයි


දින 5ක් පුරා අතුරුදන්ව සිටි බවට වාර්තා වුණු අනුරාධපුරයේ පාසල් සිසුවියන් දෙදෙනා ඊයේ අනුරාධපුර පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. අනුරාධපුර ගම්බිරිස්ගස්වැව - කුඹුක්ගොල්ල ප‍්‍රදේශයේ පදිංචිව සිටි මෙම පාසල්සිසුවියන් දෙදෙනා පසුගිය
ඉරිදා සිට අතුරුදන්ව ඇති බවට දෙමාපියන් විසින් පැමිණිලි කර තිබුණා. පසුගිය ඉරිදා දහම් පාසල් ගොස් නැවත නිවසට නොපැමිණීම නිසා දෙමාපියන් මේ පිළිබද පොලීසියට පැමිණිලි ඉදිරිපත් කර තිබූ බවයි වාර්තා වුණේ. පසුව ඒ පිළිබදව පොලීසිය පරීක්ෂණ සිදුකළ අතර ඊයේ දිනයේදී එම සිසුවියන් දෙදෙනා තවත් තරුණයන් දෙදෙනෙකු සමඟ තන්තිරිමලයේ සිට අනුරාධපුරයට බස් රථයකින් පැමිණෙමින් සිටියදී අත්අඩංගුවට ගත්තා. එහිදී ඔවුන්ගෙන් සිදුකරන ලද ප‍්‍රශ්න කිරීම්වලින් හෙළි වූයේ අදාළ තරුණයන් සමඟ තන්තිරිමලය ප‍්‍රදේශයේ රැදී සිටි නැවත නිවෙස් වෙත පැමිණි බවයි.

Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්