ඇමතිගේ බයිසිකල් කන්ටේනර දෙක මුදාහරි



අයෝජන ප්‍රවර්ධන ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුත් ලක්ෂ්මන් යාපා පදනමට ගෙන් වු කන්ටේනර් දෙකක් සැකයට භාජනය වුවත් මුදාහළ බව
රේගු ආරංචි කියයි.
අඩි 40X20 කන්ටේනර් දෙකේ ජපානයේ පාවිච්චි කළ බයිසිකල් 200ක් වු බව කියති. ගිය  අඟහරුවාදා මෙම කන්ටේනර් දෙක  රඳවාගෙන ඇත්තේ ඉන් එකක පාවිච්චි කළ වාහන දෙකක අමතර කොටස් ඇතැයි යන සැකය මතය.සැකයට ප්‍රධාන හේතුව වුයේ බයිසිකල් 200කට එක කන්ටේනරයක් ප්‍රමාණවත් නිසා යැයි රේගුව කියයි.කන්ටේනර එක්ස්රේ පරීක්ෂණයේදී මොටර් රථ අමතර කොටස් තිබුණු බව පෙනුණේ යැයි රේගු ආරංචි කියයි.
කන්ටේනර පරීක්ෂා නොකරම සිකුරාදා (31) ඒවා මුදාහළ බවත්  බඳු වශයෙන් රුපියල් 436571 ක් ගෙවු බවත් වාර්තා වේ.
අබේවර්ධන මහතා කියනුයේ තම පළාතේ දුප්පතුන්ට බෙදා දීම සඳහා බයිසිකල් ගෙන් වු බවයි.
මොටර්රිය අමතර කොටස් එහි නැතැයි ද හැම බයිසිකලයකටම ඉදිරියෙන් බාස්කටයක් ඇති නිසා කන්ටේනර් දෙකක් යොදාගත් බව ද ඔහු කියයි.

Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්