දියණිය දූෂණය කරන්න හැදූ සැමියා බිරිය අතින් මැරුම් කයි



තම ‍ෙදාළොස් හැවිරිදි දියණිය දූෂණය කිරීමට තැත්කළ සිය සැමියාව තියුණු ආයුධයකින් කපා කොටා මරා දැමූ බිරියක් ඊයේ (2දා) අලුයම තණමල්විල පොලිසියට බාරවී තිබේ.
මෙසේ ඝාතනය කර ඇත්තේ කුඩාඔය සමඟිපුර පදිංචිව සිටි විජිත රවීන්ද්‍ර (34) නමැති එක්දරු පියෙකි.


අධික ලෙස බීමත්ව සිටි නින්දට ගිය සැමියා අලුයම 3.00ට පමණ අවදිවී තම දියණිය දූෂණය කිරීමට තැත් කරද්දී දියණියගේ කෑ ගැසීමෙන් අවදි වූ බිරිය සැමියා ග්‍රහණයේ සිටි දියණිය බේරාගෙන ඇත. එයින් කුපිත වූ සැමියා බිරියට පහරදී තිබෙන අතර නිවෙසේ තිබූ කැත්තකින් බිරිය සැමියාට පහරදී ඇත.

බරපතළ තුවාල ලැබූ ඔහු නිවෙසේ දීම මියගොස් ඇත. අනතුරුව බිරිය විසින් සිද්ධිය පොලිසියට දුරකතනයෙන් දැනුම්දීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් පැමිණි විට පොලිසියට බාරවී තිබේ. මේ මරණය සම්බන්ධ මහෙස්ත්‍රාත් මරණ පරීක්ෂණ ඊයේ (2දා) පැවැත්වීමට නියමිතව තිබිණි.
තණමල්විල මූලස්ථාන පොලිස් පරීක්ෂක කේ.වී.පී.සී. දීපාල් මහතා වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්