ගුරුත්වයෙන් ක්‍රියා කරන අපූරු පහනක්

ගුරුත්වයෙන් ක්‍රියා කරන අපූරු පහනක් බ්‍රිතාන්‍ය සමාගමක් විසින් නිපදවා තිබෙනවා.

මෙම ගුරුත්ව පහනෙහි ඇති වැලි ගෝනියක් මඟින් ලනුවක් පහලට ඇදීමක් සිදුවන අතර මෙහිදී ඩයිනමෝවක් ක්‍රියාකිරීමෙන් LED බල්බයක් දැල්වීම සිදුවේ.



තත්පර 3ක් ලනුව ඇදීමෙන් විනාඩි 30ක් බල්බය දැල්වේ.

එම සමාගම පවසන්නේ මෙමඟින් ලොව පුරා බිලියන 1.5ක ජනතාවකට විදුලි බලය ලබදීමට හැකිවන බවයි.


මෙවැනි ලාම්පු වලින් ගිනි ගැනීමේ අවදානම් නොමැති අතර ඇමරිකානු ඩොලර් 55,000ක ප්‍රතිපාදන තුළින් අප්‍රිකානු රටවලට හා ඉන්දියාවට නොමිලේ බෙදාහැරීමට ගුරුත්ව පහන් 1,000ක් සෑදීමට ඔවුන් අපේක්ෂා කරනවා

ඔවුන්ගේ වෙබ් අඩවියේ සඳහන් වන ආකාරයට භූමිතෙල් භාවිතයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල කාන්තාවන් හා දරුවන් මිලියන 780ක් දිනකට සිගරට් පැකට් දෙකක දිමට සමාන විෂ දුමක් ආග්‍රහණය කරනවා.












Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්