Posts

එෆ් එම් නාලිකාවල ගීත කියන්නේ නපුංසකයෝ- මහාචාර්ය සරත් විජේසූරිය

Image
ඉතාලියේ මිලානෝ සිංහල සාහිත්‍ය සංගමය විසින් මෙහෙයවූ වැඩසටහනකදී මහාචාර්ය සරත් විජේසූරිය පසුගියදා එෆ්.එම් නාලිකා වලින් විකාශය වන ගීත විවේචනයට ලක්කර තිබුනා. එම ගීත ඇහෙන කිසිම දවසක ඒවා කියන්නේ පිරිමියෙක් කියලා හැඟෙන්නේ නැති බවත්, නපුංසක ගතියක් දැනෙන බවත් ඔහු පවසා තිබුනේ මෙලෙසින්.

ඉරානය තුල බුද්ධ ප්‍රතිමා තහනම් වේ

Image
ඉරානය තුළ බුද්ධ ප්‍රතිමා භාවිතය, විකිණීම, ප්‍රදර්ශනය කිරීම හා ගෙන්වීම මේවනවිට සම්පූර්ණයෙන් තහනම් කර තිබේ එයට හේතු වශයෙන් ඔවුන් දක්වා ඇත්තේ එරට තුළ බුද්ධ ප්‍රතිමා හරහා අන්‍ය ආගමක් ප්‍රචාරණය විය හැකි බවය. මෙයට පෙර ඉරානය තුල සිම්සන් කාටුන් චරිතවල හා බාබි බෝනික්කන් අලෙවියතහනම් විය.  ඉරානය තුල මෙතෙක් කල් තහනමට ලක්වුයේ බටහිර අයිතම පමණක් වූ අතර බුදුරුව තහනම් කිරීම මගින් ඔවුන් ප්‍රථමවතාවට බටහිර විරෝධය ඉක්මවා පෙරදිග භාණ්ඩ සඳහාද සම්බාධක පැනවීම ගැටලුවට කරුණකි.

මරදානේ වැටලූ ගණිකා මධ්‍යස්ථානය

Image
මරදාන ප්‍රදේශයේ රහසිගතව පවත්වාගන ගිය ගණිකා මධ්‍යස්ථානයක් අද වටලණු ලැබුවා. එහිදී කාන්තාවන් 7 දෙනෙකු අත් අඩංගුවට පත්වූ අතර ඔවුන් අළෙවි වී තිබුනේ රු. 2,500න් ඉහල මිල ගනන් වලටයි. ඒ අතර ගැබිනි කාන්තාවකද වුනා. හදිසි අවස්ථාවකදී පැනයාමට කුරුබිලියක් හා සැඟවී සිටිය හැකි කුඩා කුටි ද තිබී ඇති මෙය පවත්වාගන ගොස් තිබුනේ තරුණියන්ගේ නවාතැන්පොලක් ලෙසයි.

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

Image
බිඳී ගිය කන්‍යා පටල නැවත සෑදීම විදෙස් රටවල සිදුවුනද ලංකාවට එය අලුත් අත්දැකීමක්. මෙතෙක් කලක් එවැනි ශල්‍යකර්ම සිදුවුනේ හොර රහසේය. නමුත් මේ වනවිට එය නීත්‍යානුකූලව ලංකාවේ සිදුවෙනවා. IHIPST ආයතන මෙය ලංකාවේ සිදු කරන අතර මෙම සඳහා වෙබ් අඩවියක්ද පවතී. අන්තර්ජාලය හරහා ඔවුන්ව සම්බන්ධ කරගත හැකි බවයි එහි සඳහන් වෙන්නේ.

මිනී කාමරේට එන මළ සිරුරෙනුත් කප්පම් ගන්න මිනී කාක්කෝ

Image
පියවතී දිරිමත් ගැහැණියක වූවාය. තම සැමියා ඔත්පලව එකතැන් වූ දිනයේ සිට තම පවුලේ පිරිස ජීවත් කරවීමට ඇය දහදුක් වින්දාය. දරු දෙදෙනා හා සැමියාගේ එදාවේල සොයාගන්නට පියවතී කුලීවැඩ පවා කළාය. එහෙත් ඇය උභතෝකෝටික ගැටලූවකට මුහුණ දුන්නේ හදිසියේම තම සැමියා මියයාමත් සමගය.

පොකැට් ගහන අපූරු ලලනාවෝ

Image
ලස්සන කෙල්ලෙක් මගේ ඇඟේ හැප්පි හැප්පි බස් එකේ ආවා. මම ඒ කෙල්ල දිහා බලද්දී ඒකි මට උකුළු මුකුළු කළා. ඒකි මගේ ඇඟේ හැප්පි හැප්පි ආපු නිසා මමත් පොඩි ෆන් එකක් ගත්තා. බස් එකේ හිටගෙන ආපු මහන්සියවත් දැනුනේ නැහැ. බස් එකෙන් බැහැලා බලද්දී තමා දෙලොව රත්වුනේ. ඒකි මගේ පඩි සල්ලි තිබුණ පර්ස් එකට විදලා. පිටිපස්සේ සාක්කුවට අත යවන බව මට තේරුණා ඒත් ඒක මං එච්චර ගණන් ගත්තේ නැහැ. මම හිතුවේ නැහැ ඒ කෙල්ල මේ වගේ දෙයක් කරයි කියලා. මම හිතුවේ ඒ කෙල්ල හොඳ රස්සාවක් කරන එකියක් කියලයි මචං.” පඩි සල්ලි පොකැට්ටුව කලිසම් සාක්කුවේ දාගෙන ගෙදර එන අතරවාරයේ ලස්සන කෙල්ලෙකුගෙන් ෆන් එකක් ගන්න ගිහින් අකරතැබ්බයකට මුහුණ දුන් තරුණයෙක් ඔහුගේ හොඳම මිතුරා සමග පැවසුවේ දැන් ඉතිං මාසේ ගෙවා ගන්නේ කොහොමදැයි කියා විමසමිනි.

වස දී දිවියකු මරලා

Image
පලාබද්දල, හපුගස්තැන්න මුක්කුවත්ත ප්‍රදේශයේ තිබී දිවියාගේ සිරුර හමුවන විට මියගොස් දින දෙකක් පමණ ගතවී ඇතැයි ද වනජීවී නිලධාරීන් පවසයි. සමනල අඩවි වනාන්තරයේ දිවියන් ඉතා සීමිත සංඛ්‍යාවක් දක්නට ලැබෙන බවත් මේ එහි සිටි දිවියකු විය හැකියැයි ද ඔවුහු කියති. කිසියම් අයකු විසින් වස දීමෙන් දිවියා මරා දමන්නට ඇතැයි ද සැකයක් පවතී. අඩි හයක් පමණ දිගට ඉතා හොඳින් වැඩුණු දීප්තිමත් සමකින් යුතු දිවියාගේ සිරුර ආකෘතියක් නිර්මාණය කිරීම සඳහා අධිකරණයෙන් ඉල්ලා සිටීමට ද වනජීවී දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.