ඡන්ද නාම ලේඛනයට ඔබේ නම ඇතුලත් ද ? බලන්න මෙතනින්


ඡන්ද නාම ලේඛනයට නම ඇතුළත් කිරීමේ අවසන් දිනය නොවැ. 12 දා අවසන්

2015 ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචිය සඳහා ඉල්ලූම් ඉදිරිපත් කිරීමේ අවස්ථාව ලබන 12 වැනිදායින් අවසන් වන බව මැතිවරණ කොමසාරිස් කාර්යාලය දැනුම් දෙනවා. ඡන්ද හිමි නාම ලේඛනයට නම ඇතුළත් ද යන්න සියලූම දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල, පළාත් පාලන ආයතනවල සහ සියලූම ග්‍රාම නිලධාරී කාර්යාලවලින් පරීක්ෂා කළ හැකි බවයි එමගින් දැනුම් දෙන්නේ.


එමෙන්ම www.selection.gov.lk   වෙබ් අඩවියට පිවිස ඡන්ද හිමි නාම ලේඛන කෙටුම්පත ඔස්සේ ජාතික හැදුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් ද ලියාපදිංචිය තහවුරු කර ගත හැකි බව මැතිවරණ කොමසාරිස් කාර්යාලය සදහන් කළා.

ඡන්ද හිමි නාමලේඛනයට නම ඇතුළත් වී ඇති බව ඉහත ආකාරයන්ගෙන් තහවුරු නොවන්නේ නම්, නොවැම්බර් 12 වන දා දක්වා ඒ සඳහා නම ඇතුළත් කර ගැනීමේ අවස්ථාවක් හිමි වනවා. ඒ සඳහා හිමිකම් අයදුම්පතක් දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත යොමු කළ හැකි අතර අදාළ ඉල්ලූම්පත් මැතිවරණ වෙබ් අඩවියෙන් හෝ සියලූ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල හා ග්‍රාම නිලධාරී කාර්යාලවලින් ලබාගත හැකියි.




Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්