රු 20,000 කට තම දියණිය අලවි කල විසි හැවරදී මව

රු 20,000 කට තම දියණිය අලවි කල විසි හැවරදී මව.

තම සිඟිති දියණිය රුපියල් 20 000 ක මුදලකට අළෙවි කළ මවක් වාලච්චේන පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය ඔක්තෝම්බර් 4 වනදා ඉපදී ඇති  මෙම දැරිය වාලච්චේන - රහුමානියා මුස්ලිම් පල්ලිය ආසන්නයේ පදිංචි කාන්තාවකට විසි හැවිරිදි මෙම මව විකුණා තිබුණේ පෙරේදා දිනයේදියි.

කෙසේ වෙතත් සිද්ධියට සම්බන්ධ තැරැව්කරුවෙකු සහ එම කාන්තාව මෙන්ම, මවද පොලීසිය ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළා.

එහිදී දැරියගේ මව ප්‍රකාශ කර ඇත්තේ ආර්ථික අපහසුතා නිසා තමන් දියණිය අලෙවි කළ බවයි.  එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත ඔවුන් තුන්දෙනා මුදාහළ වාලච්චේන මහේස්ත්‍රාත්වරයා තාවකාලිකව දැරියගේ භාරකාරත්වය ඇය මිලදීගත් කාන්තාවට පැවරුවා.

Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්