මැර කල්ලියක් ඇවිත් කරාටේ ශූර නයිට් ක්ලබ් හිමිකරු ඝාතනය කළ අවස්ථාවේ CCTV දර්ශන
එකවර කොන්ක්‍රීට් බ්ලොක් 35 ක් හා එකවර අයිස් කුට්ටි 20 ක් නළලෙන් තද කොට කඩා ගීනස් වාර්තා පොතට නම ඇතුළත් කරගෙන සිටි කරාටේ ශ+රයෙකු වන අනුරාධපුරයේ වසන්ත සොයිසා මහතා ඊයේ රාත්‍රී විසි දෙනෙකුගේ පමණ ප්‍රහාරයකට ලක්වී ජීවිතක්ෂයට පත්ව තිඛෙනවා.
ඊයේ රාත්‍රී 11.45 ට පමණ අනුරාධපුරයේ මුදිතා මාවතේ පිහිටි ඔහුට අයත් රාත්‍රි සමාජ ශාලාවකට පැමිණි නාඳුනන පිරිසක් ඔහුට කඩු වලින් පහරදී තිබුණ අතර බරපතල තුවාල ලැබූ ඔහු රෝහලට ඇතුළත් කළ පසුව මියගොස් තිබුණා.
කිසියම් කෝන්තරයක් මත
ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා සැලසුම් සහගතව 20 දෙනෙකුගේ පමණ පිරිසක් මුහුණු ආවරණය කර මෙම ස්ථානයට පැමිණ තිබුණ අතර එම අවස්ථාවේ රාත්‍රි සමාජ ශාලාවේ සිටි වසන්ත සොයිසා මහතා සහ තවත් සේවකයින් 03 කුට කඩුවලින් හා පොලූවලින් ඔවුන් පහරදි ඇත.
එම අවස්ථාවේ සමාජ ශාලාව ආසන්නයේ නවතා තිබුණ වාහන 10 ත් 15 ත් අතර ප්‍රමාණයකටද පහරදී අලාබකරන්නට එම පිරිස කටයුතු කර තිබුණි.
පහරකෑමෙන් තුවාල ලැබු වසන්ත හා සේවකයින් අනුරාධපුර රෝහලට ඇතුලත් කිරිමේදි වසන්ත මියගොස් ඇති බව රෝහල තහවුරු කළා.
මියයන විට 57 වන වියේ පසුවූ ඇලෙක්සැන්ඩර් වසන්ත වික්‍රමද සොයිසාගේ
මෘත ශරීරය අනුරාධපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තවම තබා ඇති අතර පශ්චාත් මරණ පරීකෂණය අද දින සිදු කිරීමට නියමිතයි’
අනෙක් තුවාලකරුවන් තිදෙනා අනුරාධපුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.
මෙම පහරදිම සදහා පැමිණි පුද්ගලයින් තවම හඳුනාගෙන හෝ අත්අඩංගුවට ගැනීමක් සිදු කර නැත. අනුරාධපුර පොලිසිය විමර්ශන පවත්වා යයි.
කළු පටි ශ+රයෙකු වන වසන්ත සොයිසා මහතා ගිනස් වාර්තා පොතේ නම සටහන් කරගත් අතලොස්සක් වූ ශ්‍රී ලාංකිකයන් අතර එක් අයෙකි.