පාසල් සිසුන්ට අසභ්‍ය චිත්‍රපට අඩංගු සංයුක්ත තැටි අලෙවි කළ ස්ථානයක් වැටලයි.

පාසල් සිසුන් සහ තරුණයින් ඉලක්ක කරගෙන අසභ්‍ය චිත්‍රපට අඩංගු සංයුක්ත තැටි අලෙවි කළ ස්ථානයක් වැටලීමට මුන්දලම පොලීසියේ නිලධාරී සමත්වී ඇත.
පසුගිය 17 වැනිදා සවස මෙම වැටලීම සිදු කර ඇති අතර මුන්දලම පොලිස් වසමේ පුලිච්චාකුලම ප්‍රදේශයේ පවත්වා ගෙන ගොස් ඇති බව කියන මෙම වීඩියෝ චිත්‍රපට අලෙවි සැලෙන් පාසල් දරුවන්ට සහ තරුණයින්ට අසභ්‍ය චිත්‍රපට ලබා දෙන බවට වූ තොරතුරක් මුන්දලම පොලීසියට ලැබී ඇත.ඒ අනුව  පොලිස් නිලධාරියෙකු ව්‍යාජ ගැණුම්කරුවෙකු ලෙස එම අලෙවි සැළට ගොස් වීඩියෝ චිත්‍රපට ලබා ගැනීමේදී වැටලීම සිදු කර ඇත.
වීඩියෝ හල පවත්වාගෙන ගිය පුද්ගලයා විසින් අලෙවි කළ බව කියන අසභ්‍ය දර්ශණ ඇතුළත් සංයුක්ත තැටි දෙකක්ද,අලෙවි කිරීම සඳහා ළග තබා ගෙන සිටි අසභ්‍ය දර්ශණ ඇතුළත් සංයුක්ත තැටි 04 ක්ද පොලිස් බාරයට ගෙන ඇත.එම වීඩියෝ හල පවත්වා ගෙන ගිය බව කියන 35 හැවිරිදි අයෙකුවද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු පුත්තලම දිසා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
මුන්දලම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් සදසිරි,පොලිස් සැරයන් 17805 විජේසිංහ,පොලිස් කොස්තාපල්වරුන් වන 50602 අමල්,63745 සෙනවිරත්න යන නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කර ඇත

Popular posts from this blog

17 හැවරදී පාසල් සිසුවා 74 හැවරදී ගුරුවරියක් මර දුෂණය කරියි.

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ජනප්‍රිය නිළියක් වූ ස්වර්ණමාලිගේ ගණිකා ජාවාරම. ( වීඩියෝ දර්ශන සහිතයි.)