නායයෑම් ගැන අවධානයෙන් ඉන්න.

මීරියබැද්දේ සිදුවූ නායයෑමත් සමඟ බදුල්ල දිස්ත‍්‍රික්කයේ ප‍්‍රදේශ රැසක ජනතාව නායයෑම් අවදානම් හේතුවෙන් අවස්ථා කිහිපයකදී පදිංචි ස්ථානවලින් ඉවත් කෙරුණා. මේ අතර, නුවරඑළිය - රාගල - පළල්පතන ප‍්‍රදේශයේ පවුල් 37 කට අයත් පුද්ගලයන් 163ක් පදිංචි ස්ථානවලින් ආරක්ෂිත ස්ථාන වෙත පෙරේදා යොමුකළේ නායයෑමේ අවදානමක් හේතුවෙන්.

බෑවුම් සහිත ප‍්‍රදේශවල ජීවත් වන ජනතාව, නාය යෑමක් කල් තියා හඳුනාගන්නේ නම්, සිදුවන විනාශය බොහෝදුරට වළක්වා ගත හැකියි. ඒ අනුව, ඒ පිළිබදව හිරු ප‍්‍රවෘත්ති අංශය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයෙන් විමසීමක් කළා. එම සංවිධානයේ නායයෑම් අධ්‍යයන අංශයේ අධ්‍යක්ෂ ආර්.එම්.එස්. බණ්ඩාර කියා සිටියේ භූමියේ සිදුවන වෙනස්වීම් පිළිබඳව නිරන්තරයෙන් අවධානයෙන් පසුවිය යුතු බවයි. එවැනි වෙනසක් නීරික්ෂණය කළහොත් බලධාරීන් වෙත වහාම දැනුම්දීමෙන් සිදුවිය හැකි විනාශයන් වළක්වා ගත හැකි බව නායයෑම් අධ්‍යයන අංශයේ අධ්‍යක්ෂ ආර්.එම්.එස්. බණ්ඩාර තවදුරටත් සඳහන් කළා.

Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්