ගෙවල්වල හාම්පුතාල ගෙදර වැඩ කරන කාන්තාවන්ගේ නිදන කාමර, නාන කාමර, වැසිකිළිවල රහස් කැමරා සවිකරලා

කුවේට් රටේ සමහර ගෙවල්වල හාම්පුතාල ගෙදර වැඩ කරන කාන්තාවන්ගේ නිදන කාමර, නාන කාමර, වැසිකිළිවල රහස් කැමරා සවිකරලා ඒ තැන් වීඩියෝ කරනවා.

කුවේට්හි ගෘහ සේවිකා රැකියාවක නියුතුව සිට ඉකුත් (10දා) ආපසු ශ්‍රී ලංකාවට පැමි‚ මහනුවර චාමලී විෙජ්කෝන් මෙනෙවිය පැවැසුවාය.තමන් මුහුණදුන් ප්‍රශ්න හා අපේ රටේ කාන්තාවන් එහිදී මුහුණ දෙන ප්‍රශ්න පිළිබඳ විස්තර කරමින් චාමලී මෙනෙවිය මෙසේද පැවැසුවාය.


මම කුවේට් රටේ රැකියාවට ගියේ 2012 අගෝස්තු 27 වැනිදා. මට ඇතිවුණ ප්‍රශ්න නිසා ගෙවල් කීපයකට මාරුවෙන්න සිදුවුණා. අවුරුදු දෙකක් වැඩකළාට පස්සේ මට අවශ්‍ය වුණා තවත් අවුරුදු දෙකක් වැඩ කරන්න. ඒ ගැන අවශ්‍ය කටයුතු කරන්න එහේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ගියාම එහි නිලධාරියෙක් කීවා මම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වෙලා නෑ කියලා.

නමුත් මම රැකියාවට යන්න ඉස්සරවෙලා ඒ කාර්යාංශයට ගිහින් අවශ්‍ය ලිපි ලේඛන භාරදීලා අස්සන් කළා. මම ආපසු ලංකාවට එන්න දවස් දෙකකට කලින් ඩලස් අලහප්පෙරුම ඇමැතිතුමා එහේ තානාපති කාර්යාලයට ආවා. මම තානාපති නිලධාරීන් ඉදිරිපිටදීම මට සිදු වෙලා තිඛෙන අසාධාරණය ගැන ඇමැතිතුමාට කිව්වා.
ගෙවල්වල වැඩකරන කාන්තාවන්ගෙ නිදන කාමරේ, යන වැසිකිළියෙ, නාන කාමරේ, රහස් කැමරා සවිකරලා තියෙනවා. ‍දොරක ජනේලයක ඇණයක් විදියට, නැතිනම් වෙනත් භාණ්ඩයක උපාංග විදියට නාන ෂවර් එකේ කොටසක් විදියට නිපදවපු රහස් කැමරා කිසිම විදියකින් හඳුනා ගන්න බැරි ආකාරයට සවි කරලා තියෙනවා.

නවීන තාක්ෂණික, දුරකථනවලින්, හාම්පුතාලා ඒවයේ පටිගත වන දර්ශන බලනවා. අපි ගන්න දුරකතන ඇමැතුම් පවා පටිගත වෙනවා. අපි කතා කරපු දේවල් මොනවද කියලා බලන්න ඒවයේ අරාබි භාෂා පරිවර්තන පවා ඒ අය ලබාගන්නවා. ඒ අය වීඩියෝ කරන දේවල් අන්තර්ජාලයට යෑමේ හැකියාව පවා තියෙනවා.

අපේ කාන්තාවෝ ගෙවල්වලදී ප්‍රශ්න ඇතිවෙලා ඒජන්සිවලට ගියාම ඒජන්සිකාරයෝ ඒ අයව ගණිකා වෘත්තියේ යොදවනවා. සමහර ඒජන්සි භාරව ඉන්නෙ ලංකවෙන් ගිය විවාහක කාන්තාවන්. ඒ අය එහේ වෙන පිරිමි එක්ක පවුල්කමින් අපේ කාන්තාවනුත් ඒවට යොදවා ගන්නවා.

දරුවන් ලැබුණ අය, ලැඛෙන්න ඉන්න අය, ගෙවල්වලින් පැනලා ගිය අය, මානසික රෝගීන් වුණ අය ඒ විදියට අපේ රටේ කාන්තාවෝ එකසිය ගණනක් තානාපති කාර්යාල රැඳවුම් කඳවුරේ ඉන්නවා. තව සිය ගණන් අපේ අය පොලිසිවල, සිරගෙවල්වල ඉන්නවා.

මැදපෙරදිග රටවල් කීපයක අවුරුදු ගණනාවක් හිටපු කෙනෙක් හැටියට විශේෂයෙන්ම අලූ‍තෙන් රැකියාවලට යන අපේ කාන්තාවන්වත්, ලංකාවේ මේ සම්බන්ධයෙන් කටයුතු කරන ආයතනත් දැනුවත් කිරීම මගේ යුතුකමක් කියා මම සිතනව.

Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්