කැසිනෝ සංකීර්ණයක් ඇති කිරීමට ශී‍්‍රලංකා රජය සමග දිගින් දිගටම සාකච්ඡා.


අයවැයෙන් එළැඹෙන වසරේ සිට කැසිනෝ ශාලා හා සූදු පොළ මත නව බදු පැනවෙන බව සඳහන් කෙරුණත් කැසිනෝ සංකීර්ණයක් ඇති කිරීම පිළිබඳ වන සාකච්ඡා ශී‍්‍රලංකා රජය හා දිගින් දිගටම සිදුවෙමින් පවතින බව කැසිනෝ රජු ජේම්ස් පැකර් පවසයි.
ජෙම්ස් පැකර්ගේ ක‍්‍රවුන් සමාගම් සමූහය ඩොලර් ලක්ෂ 4750 ක වියදමින් මහා පරිමාන කැසිනෝ සංකීර්ණයක් ශ්‍රීලංකාවේ ඉදිකිරීමට සූදානමින් පසුවේ.
කැසිනෝ ව්‍යාපාර ආරම්භ කිරීමට නව බලපත‍්‍ර නිකුත් නොකෙරෙන හෙයින්
ක‍්‍රවුන් සමූහයේ ශී‍්‍ර ලංකා හවුල් කරුවා වන රෑන්ක් හෝල්ඩිංග්ස් සතුව ඇති කැසිනෝ බලපත් දෙකක් එම කැසිනෝ සංකීර්ණය පවත්වාගෙන යෑම සදහා භාවිතා කිරීමට සැළසුම් කර ඇත.
ක‍්‍රවුන් සමාගමේ ආධිපත්‍ය තවදුරටත් ලොව පැතිරවීමට තුන්වන ලෝකයේ රටවල් හොඳ අවස්ථාවක් යැයි පසුගියදා පැවති හමුවකදී සඳහන් කළ ජේම්ස් පැකර් එහිදී ශී‍්‍ර ලංකාව ගැන විශේෂයෙන් සඳහන් කරමින් සංචාරකයින් ඈඳා ගැනීමේ සමත් පහසුකම් ඇතිකිරීම සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා රජය සිතා බැලිය යුතුව ඇතැයි කීය.උදාහරණයක් ලෙස සිංගප්පූරුව ගත් හෙතෙම එහි ඇති කැසිනෝ ශාලා ද්විත්වය රටට විදේශිකයින් ගලා ඒමට ප‍්‍රධාන හේතුවක් වී ඇතැයි පෙන්වා දුන්නේය.

Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්