"ඇස්බැස්ටස් පිළිකා ඇතිවීමට ප්‍රබල හේතුවක්" පර්යේෂණ මගින් සනාථ කරයි


ඇස්බැස්ටස් ස්වසන රෝග සහ පෙනහලු ආශ්‍රිත පිළිකා ඇතිවීමට ප්‍රබල හේතුවක් බවට පර්යේෂණ මගින් සනාථ කරගත් බවත් එම නිසා ඇස්බැස්ටස් භාවිතයෙන් ඉවත් කිරීම කාලෝචිත බව ජාතික විස තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධානි කායික රෝග විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක මහතා පැවසීය.
යුරෝපයේ සෑම රටක්ම ඇස්බැස්ටස් භාවිතය සම්පූර්ණයෙන්ම ඉවත් කර ඒ වෙනුවට විකල්ප ක්‍රමවේද භාවිත කරයි. ඊට හේතුව මිනිසාට ඇති වන බලවත් සෞඛ්‍යමය තර්ජනය බවටත් වෛද්‍ය වරුණ ගුණතිලක මහතා සඳහන් කරයි.

ඇස්බැස්ටස් තන්තු මඟින් පෙනහළු ආශ්‍රිත රෝග ඇතිවන බවට සැකයකින් තොරව පර්යේෂණ මඟින් සනාථ කර ඇත. ඊට අමතරව දිගු කාලීන වශයෙන් පෙනහළු ආශ්‍රිත පිළිකා සෑදීමට එය හේතුවන බවටත් පර්යේෂණ සනාථ කර ඇත.
ඇස්බැස්ටස් සෙවිලි තහඩු ලෙස පරිහරණය කර ඇති බොහෝ දෙනකුට එක්වරම විකල්පයකට යාම අසීරුය. එම නිසා විකල්ප ක්‍රමවේදයකට පිවිසෙන තුරු සෑම සෙවිලි තහඩුවකම තීන්ත ආලේප කිරීම යෝග්‍ය වෙයි. එය තාවකාලික පිළියමක් පමණක් බවටත් සැළකිය යුතුය.
ඉදිකිරීම් අංශයේ නිරතව ඇස්බැස්ටස් ආශ්‍රිත කටයුතුවල යෙදෙන සෑම තරාතිරකම සේවකයින් තම නාසය හා මුඛය හොඳින් ආවරණය කරගෙන එම කර්තව්‍යෙය් නිරතවීම අත්‍යවශ්‍ය මෙන්ම වැදගත් බවත් වෛද්‍ය වරුණ ගුණතිලක පෙන්වාදෙයි.

Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්