ඇමරිකාව සොයාගත්තේ මුස්ලිම්වරුන්ලු තුර්කි ජනාධිපති කියයි.

ක‍්‍රිස්ටෝපර් කොලම්බස් ඇමරිකාවට ළඟාවීමට සියවස් 3 කට පමණ පෙර මුස්ලිම්වරුන් ඇමරිකාව තරණය කළ බව තුර්කි ජනාධිපති තායිප් එර්ඩෝගන් පවසනවා. ලතින් ඇමරිකානු මුස්ලිම් නායකයන් පිරිසක් තුර්කියේ ඉස්තාන්බුල් නුවරදී හමුවූ අවස්ථාවේදී ඔහු මේ බව ප‍්‍රකාශ කළා. කොලම්බස්ගේ දින පොතේ සටහනක් උපුටා දක්වමින් තුර්කි ජනාධිපතිවරයා කියා සිටියේ ඇමරිකාවට ළඟාවනවිට කොලම්බස් කියුබාවේ කඳු මුදුනක පිහිටි මුස්ලිම් පල්ලියක් දැක ඇති බවයි. මුස්ලිම් නැවියන් වසර 1178 දී ද ඇමරිකාවට පැමිණ ඇති බව ඔහු සඳහන් කළා. එමෙන්ම කොලම්බස් හඳුනාගත් කියුබානු ප‍්‍රදේශයේ මුස්ලිම් පල්ලියක් ඉදිකිරීමට
තමන් සූදානම් බවයි තුර්කි ජනාධිපති එර්ඩෝගන් කියා සිටියේ.

දැනට පිළිගත් මතය වන්නේ යුරෝපීයන් ඉන්දියාව සොයා යනවිට වසර 1492 වසරේදී ක‍්‍රිස්ටෝපර් කොලම්බස් විසින් ඇමරිකාව සොයාගත් බවයි. එහෙත් එම මතය  අභියෝගයට ලක් කරමින් ඉතිහාසඥ යූසෙෆ් මෙ‍්‍රායුවේ 1996 වසරේදී ප‍්‍රකාශ කළේ මුස්ලිම්වරුන් කොලම්බස්ට පෙර ඇමරිකාවට ළඟාවී ඇති අතර කලාපය තුළ ඉස්ලාම් දහමද ප‍්‍රචලිතව පැවති බවයි. තුර්කි ජනාධිපති එර්ඩෝගන් ඉදිරිපත් කරන්නේද එම අදහසයි. කෙසේ නමුත් කොලම්බස් ඇමරිකාවට පැමිණීමට පෙර ඉදිකළ ඉස්ලාමීය ආගමික ගොඩනැගිලිවල නටබුන් හෝ අද දක්නට ලැබෙන්නේ නැහැ.

Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්