මැතිවරණය ප්‍රචණ්ඩ මැතිවරණයක් විය හැකියි අනුර කුමාර දිසානායක කියයි.


මෙම ජනාධිපතිවරණය ව්‍යවස්ථා විරෝධියි. ව්‍යවස්ථා නීතී විරෝධියි. ව්‍යවස්ථාව අනුව වත්මන් ජනපතිට යළි ජනාධිපතිවරණයකට තරග කරන්න බැහැ. ධුර කාලයට අවුරුදු හතරක් පිරුණු පසු ජනාධිපතිවරණයක් කැඳවන්නත් බැහැ. වර්තමාන පාලනය වෙනස් කරන්න මතයක් අපි ජනතාව අතර ඇති කරනවා. මේ පාලනය වෙනස් කරන්න අපි වෙහෙසෙනවා.‘ යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මාධ්‍ය හමුවක දී ඊයේ  (24) පැවසීය.



‘ විධායක ජනාධිපතික්‍රමය අහෝසි කරනවා කියන වැකිය මැතිවරණ ගණනාවකදි අපි දැක්කා. මෙය ඡන්දය පැවැත්වෙන දිනය දක්වා පමණක් නොව ඉන් එහාට ගොස් ක්‍රියාත්මක කරන තුරු තිබිය යුතුයි.

මෙය හුදු ජනාධිපතිවරණයක් ලෙස නොසලකා පුළුල් ජනතා ව්‍යාපාරයක් ඇති කළ යුතුයි. ඉතා ශක්තිමත් සක්‍රීය මැතිවරණ ව්‍යාපාරයක් අපි කරනවා.

පවතින රජය බලය තහවුරු කර ගැනීම සඳහා මොනවා කරයි ද දන්නේ නෑ. මේ මැතිවරණය ප්‍රචණ්ඩ මැතිවරණයක් විය හැකියි. දැනටමත් ඒ ලක්ෂණ පෙන්නුම් කරනවා.

කොහොම වුණත් වර්තමාන පාලනය වෙනස් කරන්න අපි වෙහෙසෙනවා.

එම වීඩියෝව පහතින් බලන්න......




Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්